සභාපති අවුල් වුණාට අපි අවුල් නෑ - SEMA


ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධ උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය (සෙමා) නැවත ස්ථාපිත කරන්නැයි ඉල්ලමින් එහි උපදේශකයකු ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත.

එහි හිටපු සභාපති අශෝක අබේගුණවර්ධන මහතා ආයතනයේ කඩාවැටීමට කෙලින්ම වගකිව යුතු නමුත් එය වසා දැමීම ප්‍රශ්නයට පිළිතුරක් නොවන්නේ යැයි ඔවුහු පවසති.

විශේෂඥ උපදෙස් නොතකා අත්තනෝමතික තීන්දු ගැනීමෙන් සභාපතිවරයා සෙමා ආයතනය පරිපාලන , මූල්‍ය , ප්‍රචාරණ හා ප්‍රතිපත්ති සම්පාදන යන සියලු ක්ෂෙත්‍රවලින් අර්බුදයට යැවී යැයි චෝදනා කරන ඔව්හු එවැනි තත්ත්වයක් හමුවේ වුවද පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි සහ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා සෙමා ආයතනයේ අරමුණුවලට අනුව විශාල සහායක් ලබාදුන්නේ යැයි පවසති.

ප්‍රමාණික දැනුමින් පිරි කාර්ය මණ්ඩලයක් සිටියදී එක් පුද්ගලයකු මත සෙමා ආයතනය වසා දැමීම අපරාධයක් යැයි ද එනිසා එම තීරණය වෙනස් කර ජෛව විද්‍යාත්මක කෘෂිකර්මය සාර්ථකව ස්ථාපිත කිරීමට දැනුම සහිත නව සභාපතිවරයකු යටතේ එය ප්‍රතිස්ථාපනය කරන්නැයි ඉල්ලා සිටින්නේ යැයි ද එම ලිපියේ සඳහන් වේ.

පාඩු ලබන රාජ්‍ය ආයතන කළමනාකරණය අරමුණු කරගෙන චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේ 2004 වසරේදී ආරම්භ කෙරුණු සෙමා ආයතනය පසුගිය සැප්තැම්බර් 14 වැනිදා ජනාධිපති ලේකම්වරයාගේ නියෝගයක් අනුව වසා දැමුණේ කැබිනට් මණ්ඩලයට යොමු කෙරුණු යෝජනාවක් අනුවය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment