අශෝක් අබේසිංහත් පිම්මක් පනී ද? : මෙන්න උත්තරය!
නිර්මාණය කර ඇති දේශපාලන අර්බුදය හමුවේ එක්සත් ජාතික පක්ෂය අස්ථාවරවී ඇති බවට සාවධ්‍ය පුවත් පැතිරවීමට සමාජ ජාල සහ වෙබ් අඩවි කිහිපයක් කටයුතු කරමින් සිටින නමුත් වසර 72ක ඉතිහාසයක් තිබෙන එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ එල්ලවූ මේ දරුණුම අභියෝගය සාර්ථකව ජයගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ අවධාරණය කරයි.
ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටින්නේ ව්‍යාජ පුවත් වලට නොරැවටී පාක්ෂිකයන් සියළු දෙනා මේ අර්බුදයට ධෛර්යමත්ව මුහුණදීමට සූදානම් වන ලෙසය.
එසේම මේ වන විටත් පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් 118 කට අධික ප්රමාණයකගේ සහය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලැබී ඇති බවද ඔහු අවධාරණය කර සිටියි.
මේ සම්බන්ධව නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් නිවේදනයක්ද නිකුත්කර ඇත.
0 comments :
Post a Comment