යෝෂිත පරිගණක විශේෂඥයන් දෙදෙනෙක් සමඟ රුසියානු තානාපති කාර්යාලයේ සාකච්ඡාවක්?
යෝෂිත පරිගණක විශේෂඥයන් දෙදෙනෙක් සමඟ රුසියානු තානාපති කාර්යාලයේ සාකච්ඡාවක් පවත්වමින් සිටින බවට ගොසිප් ලංකා පොලිටිකල් (Gossip Lanka Political) වෙබ් අඩවිය වාර්තා කරයි.
එම පුවත පහතින් කියවන්න...
මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ දේශපාලන කුමන්ත්‍රණ මෙහෙයවීම සඳහා රුසියානු විශේෂඥයන් දෙදෙනෙකු මේ වනවිට රුසියාවේ සිට කොළඹට පැමිණ ඇති අතර ඔවුන් දෙදෙනා මුණ් ගැසීම සඳහා රාජපක්ෂගේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂ මේ වන විට රුසියානු තානාපති කාර්යාලය වෙත ගොස් ඇතැයි වාර්තා වේ.
පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණ සමයේදී, රුසියානුවන් කණ්ඩායමක් විසින් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අවුල් කිරීම සඳහා ප්‍රබල මැදිහත්වීමක් සිදුකළ අතර ඒ සම්බන්ධයෙන් පසුගිය කාලයේදී ලොවපුරා දැඩි කතාබහට ලක්විය.
මෙම මැදිහත්වීම සඳහා රුසියානු මාෆියා සංවිධාන මෙන්ම තොරතුරු තාක්ෂණය පිළිබඳ විශේෂඥයන් කණ්ඩායමක් ද එක්ව සිටි අතර මේ වනවිට කොළඹට පැමිණ ඇති රුසියානු ජාතිකයන් දෙදෙනාද අදාල තොරතුරු තාක්ෂණය පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ සාමාජිකයන් ලෙස කටයුතු කර ඇති බව ද වාර්තා වේ.
මෙම රුසියානු ජාතිකයන් දෙදෙනාගේ පැමිණීම මෙරට රුසියානු තානාපති කාර්යාලයේ මෙහෙයවීම මත සිදුව ඇති අතර ඔවුන් දෙදෙනා ලංකාවට ගෙන්වා ගැනීමේ මෙහෙයුම සහ ඔවුන් සහ රාජපක්ෂ පවුල සම්බන්ධ කර තිබෙන්නේ වත්මන් රුසියානු තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතා විසිනි. මීට අමතරව රාජපක්ෂ පුතුන් වන නාමල් සහ යෝෂිත මීට පෙර රුසියාවට ගොස් පෞද්ගලිකවම මෙම රුසියානුවන් දෙදෙනා හමු වී ඇති අතර මෙම වැඩපිළිවෙල සඳහා අදාල සියලු ඩීල් නාමල් රාජපක්ෂගේ සෘජු මැදිහත්වීම මත සිදුව ඇති බවයි අපවෙත වාර්තා වන්නේ.
මෙම පුද්ගලයන් දෙදෙනා සමාජ ජාලා මාධ්‍ය සම්බන්ධයෙන් කප්පිත්තන් දෙදෙනෙකු වන අතර රාජපක්ෂලා ඔවුන්ගේ සේවය ලබාගෙන ඇත්තේ ඉදිරියේදී ඔවුන් විසින් සිදුකරන දේශපාලන කටයුතු සහ දේශපාලන කුමන්ත්‍රණ වෙනුවෙන් මෙරට සමාජ ජාලා මෙහෙයවීම සඳහායි. ඔවුන් දෙදෙනාගේ ප්‍රධානතම අරමුණ වන්නේ ඒ සඳහා අවශ්‍ය ශ්‍රී ලාංකිකයින් කණ්ඩායමක් පුහුණු කිරීමයි.
මෙරට රුසියානු තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් ගෙන්වා ගත් මොවුන් දෙදෙනා මේ වනවිට රුසියානු තානාපති කාර්යාලයේ රැඳී සිටින අතර තානාපති කාර්යාලයේ සිට ඔවුන් ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ. ඒ අනුව මෙම කුමන්ත්‍රණය සඳහා රුසියාව මෙන්ම ශ්‍රී ලංකාව ද රාජ්‍යතාන්ත්‍රිකභාවය අමු අමුවේ උල්ලංඝනය කරමින් සිටී.
ව්‍යවස්ථාවිරෝධී ලෙස ලබාගත් ආණ්ඩු බලය ආරක්ෂා කර ගැනීම හා ඉදිරි මැතිවරණවලදී බහුතර බලයක් ලබාගැනීම රාජපක්ෂ කල්ලියේ අරමුණ වන අතර ඒ සඳහා අවශ්‍ය සමාජ ජාලා මාධ්‍යවල මැදිහත්වීම සඳහා රාජපක්ෂ කල්ලිය වැඩි බරක් තබා තිබේ. බිලියන ගණනින් වැය කරමින් රුසියානු විශේෂඥයන් ගෙන්වා ඇත්තේ ඒ සඳහාය.
රාජපක්ෂ කල්ලියට මේ වනතෙක් මෙල්ල කරගත නොහැකි වී ඇත්තේ සමාජ ජාලා මාධ්‍ය පමණි. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය බහුතරයක් මේ වනවිට රාජපක්ෂලා විසින් සිය අතකොලු බවට පත් කරගෙන ඇති අතර එහෙත් සමාජ ජාලා මාධ්‍ය තර්ජනය කර හෝ මරාදමා හෝ සුදුවෑන් භීෂණය භාවිතා කරමින් හෝ මෙල්ල කරගත නොහැකිය. ඒ අනුව සමාජ ජාලා මාධ්‍ය පාලනය කරගත හැකි සහ මෙහෙයවිය හැකි තාක්ෂණික දැනුමින් සන්නද්ද බලකායක් නිර්මාණය කරගැනීම රාජපක්ෂලාගේ අලුත්ම ව්‍යාපෘතිය වන අතර කොළඹට පැමිණි රුසියානුවන් දෙදෙනා තානාපති කාර්යාලයේ සිට ඒ සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කරගනිමින්, දත්ත හා තොරතුරු රැස් කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කුමන්ත්‍රණ දියත් කළ රුසියානුවන්ගේ කණ්ඩායමේ සාමාජිකයෙකු ශ්‍රී ලංකාවේ සිට ද සිය මෙහෙයුම් දියත් කළ අතර පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ඔහුව ශ්‍රී ලංකා ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්විය. අදාල සැකකටයුතු පුද්ගලයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සෘජු මැදිහත්වීම මත රුසියාව වෙත සුරක්ෂිතව පිටත් කර යැවිණි.
එකී 'මැනෝකින් ෆැර්ඩෝව්' නමැත්තා සහ රාජපක්ෂලා විසින් මෙරටට ගෙන්වා ඇති රුසියානුවන් දෙදෙනා එකම කණ්ඩායමේ සාමාජිකයන් වන අතර ඇමරිකානු ජනාධිපතිවරණය ඇතුළු ලොව බොහෝ බලවත් රටවල අභ්‍යන්තර සිදුවීම්වලදී මෙම කණ්ඩායම ක්‍රියාත්මක වී තිබේ.
0 comments :
Post a Comment