මෛත්‍රී නොකලොත් කථානායක ගන්න යන ක්‍රියාමාර්ගය මෙන්න.


එළඹෙන 07 වැනිදා පාර්ලිමේන්තුව රැස් කිරීමට ජනාධිපතිවරයා කටයුතු නොකළහොත් සිය අභිමතය අනුව පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කරන බව කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කර ඇතැයි 'ලංකා නිව්ස් වෙබ්' වාර්තා කරයි.

බහුතර මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව කැඳවීමට තමන් වෙත නිත්‍යානුකූල අවසරය ඇති හෙයින් තමන් සෘජු තීන්දුවක් ගන්නා බවට කතානායකවරයා අවධාරණය කර ඇතැයි එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ පාර්ලිමේන්තුව කැඳවීම සඳහා ජනාධිපතිවරයාට අවස්ථාව ලබා දී ඇති බවද කථානායකවරයා සඳහන් කර ඇත.

තමන් පාර්ලිමේන්තු ප්‍රජාත්නත්‍රවාදය ආරක්ෂා කිරීමට මැදිහත් වන අතර ව්‍යවස්ථා විරෝධී ලෙස කිසිවෙකුට හෝ ක්‍රියා කළ නොහැකි බව කතානායක වරයා අවධාරණය කර සිටියි.

ඊයේ මන්ත්‍රීවරු 118කගේ අත්සනින් යුතුව කථානායකවරයාට ලිඛිත ඉල්ලිමක් කර ඇත්තේ කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවීමට මැදිහත් වන ලෙසයි.

එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් කොන්ග්‍රසය ඇතුළු පක්ෂවල නියෝජිතයන් මෙම හමුවට සහභාගී වී සිටියහ.

මන්ත්‍රීවරුන් 118 දෙනාගේ ඉල්ලීම 

ඊයේ  (02) පෙරවරුවේ පක්ෂ නායකයින් සමග පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති රැස්වීමකදී කතානායකවරයා කියා සිටියේ, නොවැම්බර් 7 වන දා පාර්ලිමේන්තුව කැඳවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන්ට දැන්වූ බවයි.

එහිදී, කතානායකවරයා සඳහන් කළේ, "7 වන දා කැඳවන බව මට දැනුම් දුන්නා. ඒත් තාම ගැසට් එක මුද්‍රණය කරල නැහැ," යනුවෙනි.

කෙසේ වෙතත්, නොවැම්බර් 7 වන දා පාර්ලිමේන්තුව විවෘත කෙරෙනු ඇති බවට තමන් විශ්වාස කරන බව ද, ප්‍රාර්ථනා කරන බව ද කතානායක කරු ජයසූරිය වැඩිදුරටත් පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment