තිලංගගේ ගෙදර මාධ්‍ය සාකච්ඡාවට ආ වාසු ත්‍රීරෝද රථයෙන් ගෙදර යයි

පුංචි බොරැල්ල, තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පිහිටි නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ (27) පැවති මාධ්‍ය හමුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මාධ්‍යහමුව නිමවී ත්‍රිරෝද රථයක නැගී
එතැනින් පිටව යනු
දක්නට ලැබිණි.

එක් ආරක්‍ෂක නිලධාරියකු සමඟ පැමිණ සිටි වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය  හමුව නිමවූ පසු එම ස්ථානයෙන් පිටත්ව  මාර්ගය හරහා ගොස් පදික වේදිකාවේ මඳ වේලාවක් රැදී සිටියේය.

ඉන්පසු පැමිණි ත්‍රිරෝද රථයක් අත දමා නවතා ගත් මන්ත්‍රීවරයා ආරක්‍ෂක නිලධාරියාට පළමුව එයට නැගීමට අවස්ථාව දී ඉන් අනතුරුව ඔහුද එයට නැග පිටත්ව  ගියේ අවට සිටියවුන් පුදුමයෙන් බලා  සිටියදීය.

-ඩයනා උදයංගනී-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment