මාවනැල්ලේ පල්ලියෙන් නෙරපූ අන්තවාදීන් බුදු පිළිම කඩා ආගමික ගැටුමකට මුලපුරන්න උත්සාහයක්

https://www.gossiplankanews.com/2018/12/mawanella-muslim-religous-issue.html
සුගිය දිනවල මාවනැල්ල ප්‍රදේශයේ ආගමික ගැටුමකට මුලපුරන්න උත්සාහ දැරූ අන්තවාදී මුස්ලිම් මතදාරී තරුණ පිරිසක් මේවනවිට පොලිස් අත්අඩංගුවේ පසුවේ. මාවනැල්ල පොලිස් වසමේ ස්ථාන කීපයකදී බුද්ධ ප්‍රතිමාවලට මිටිවලින් පහරදී
හානි කිරීම ඔවුන් සිදු කර තිබුණි.
අවුරුදු 20ත් 30ත් අතර වයසේ පසුවන සැකකරුවන් හය දෙනකු ඊයේ (27දා) වනවිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මාවනැල්ල ළිඳුලවත්ත මංසන්ධියේ තිබූ බුද්ධ ප්‍රතිමාවකට පහරදෙමින් එය විනාශ කරමින් සිටි දෙදෙනාගෙන් කෙනෙකු ගම්වැසියන් අල්ලා ගස් බැන්ද පසු ඔහු සිදු කළ පාපොච්චාරණය අනුව අනෙක් සැකකරුවන් අල්ලාගන්නට හැකිවූ අතර කළුගල්ල මාවතේ හෝටලයක සේවය කරමින් සිටියදී එක් අයෙකු අත්අඩංගුවට පත්වූ අතර දෙදෙනෙකු කෑගල්ල පොලිසියට පැමිණ භාර වූ බවද පොලිසිය කියයි.

මෙම සිද්ධිදාමයට අදාළ ප්‍රධාන සැකකරු මේවනවිට සැඟව සිටින බවද වාර්තාවේ.
ගස් බැඳ පොලිසියට භාර දුන් පුද්ගලයා දැනට කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
අත්අඩංගුවට ගෙන ඇති තරුණයන් හය දෙනා ඉකුත් 23දා රාත්‍රි මාවනැල්ල පොලිස් වසමේ රන්දිවෙල හා හිඟුල, මහන්්තේගම යන ප්‍රදේශවල මංසන්ධි දෙකක ඉදිකර තිබූ බුද්ධ ප්‍රතිමාවලට යතුරුපැදිවලින් ගොස් යකඩ මිටිවලින් පහරදී ප්‍රතිමාවලට අලාභහානි සිදු කර තිබිණි.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු ප්‍රකාශ කර ඇත්තේ තමන් කුරාණය නමැති පොත කියවා ඇති බවත් එහි අල්ලා දෙවියන් හැර මේ ලෝකයේ වෙනත් කිසිවකු නොමැති බවත් ඒ හේතුවෙන් මෙලෙස බුදු පිළිම විනාශ කිරීමට සිතූ බවත්ය. අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ නිවෙසක තිබී බුදු පිළිම විනාශ කිරීමට යොදා ගත් මිටියක්ද පොලිසිය විසින් සොයාගෙන තිබිණි.

මෙම සැකකරුවන් පිරිස අන්තවාදී කල්ලියක

සාමාජිකයින් බව වාර්තාවන අතර දැනට සැඟව සිටින ප්‍රධාන සැකකරු ඔහුගේ මාවනැල්ල පිහිටි නිවසට අනෙක් අය ගෙන්වා පන්ති පවත්වා මේ ආකාර විනාශ සිදු කරන ආකාරය ඉගැන්වූ බවත් ඔහු කියන දේවල් කිරීමට තමන් පෙළැඹුනේ ඒ නිසා බවත් අත්අඩංගුවට පත්වූ අය පවසා තිබේ.

කෙසේ වෙතත් මේ ගැන පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොවුන්ගේ අන්තවාදී අදහස් නිසා මාවනැල්ල මුස්ලිම් පල්ලිය මගින් ඔවුන් නෙරපා හැර තිබූ බවයි. තමන්ගේ මතය දරන වෙනම කණ්ඩායමක් සකසා ගැනීමට පසුව ඔවුන් පෙළැඹි ඇති බවද වාර්තා වේ.
ප්‍රධාන සැකකරු සෙවීම සඳහා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මකය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මේ වෙනුවෙන් මාවනැල්ලට පිටත් කර යවා ඇති බවද වාර්තාවේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment