අයියලා තනිකඩව තියා : මහින්දගේ බාල පුත් 'චිචී' යුග දිවියට.


මහින්ද රාජපක්ෂ මහතාගේ කණිටු පුත් රෝහිත චන්දන රාජපක්ෂ හෙවත් ‘චිචී‘, සිය පෙම්වතිය වන තතියානා ලී සමග 2019 ජනවාරි 24 වැනිදා අතිනත ගැනීමට නියමිත ය.

විවාහ මංගලෝත්සවය පැවැත්වීමට නියමිත ව ඇත්තේ තංගල්ල රන්න 212 හෝටලයේදී ය.

වීරකැටිය කාල්ටන් නිවසට පැමිණෙන ආරාධිතයන්ට එම හෝටලය වෙත ගමන් ගැනීම සඳහා විශේෂ ප්‍රවාහන සේවාවක් ද ක්‍රියාත්මක කර ඇති බව ඔවුන්ගේ මංගල ඇරයුම්පතෙහි දැක්වේ.

චිචී සහ තතියානා මංගලෝත්සවයකට සහභාගි වූ අවස්ථාවක ඡායාරූපයක් මෙයට සති දෙකකට පමණ පෙර චිචීගේ මුහුණු පොතේ ද දක්නට ලැබුණු අතර ඔහු එය නම් කර තිබුණේ Christmas wedding යනුවෙනි.

(lankanewsweb.net)



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment