නාරහේන්පිට පොලිස් සැරයන් පිහි ඇනුමකින් මරුට

නාරාහේන්පිට රෝහල් පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකු තියුණු ආයුධයකින් ඇන සිය නිවෙස තුළදී ඝාතනය කර ඇත.  මෙලෙස ඝාතනය වී ඇත්තේ දකුණු  නිවන්දම ජා-ඇළ පදිංචිව සිටි නිශ්ශංක ජයවර්ධන (49) නමැති දෙදරු පියකු වූ පොලිස් සැරයන්වරයෙකි. ඉකුත් 26දා රාත්‍රී 7.30ට පමණ
සැරයන්වරයාගේ නිවෙස අසල පදිංචි අසල්වාසියකු හා සැරයන්වරයා අතර රාත්‍රි 8.00ට පමණ යම් ආරවුලක් ඇතිවී බහින්බස් වීමක් සිදුව ඇත.

එම අවස්ථාවේදී අසල්වැසියා විසින් තියුණු පිහි පාර කිහිපයක් සැරයන්වරයාගේ පපු ප්‍රදේශයට හා පිට ප්‍රදේශයට එල්ල කර තිබේ. ගැටුම සිදුවන අවස්ථාවේ සැරයන්වරයාගේ
බිරිය හා නව හැවිරිදි දියණිය නිවෙසේ සිට ඇත. බරපතළ තුවාල ලැබූ සැරයන්වරයා ප්‍රදේශවාසීන් එක්ව රාගම රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් තිබී ඇත.
මෙම සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු ජීවත් වූ නිවසට යාබද නිවසේ පදිංචිව සිටි 28 හැවිරිදි එක්දරු පියෙකි.

ඔහු හිටපු හමුදා සෙබළක් බවද පැවසේ.
මෙම ඝාතනය ඉඩම් ආරවුලක් දුරදිග යෑමෙන්  සිදු වුවක් බවද ජා-ඇල පොලීසිය පවසයි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.ජා-ඇල පොලිසිය  සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ   සිදුකරයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment