මන්ත්‍රී නලින්ද ජයතිස්ස හෙළි කළ S.B ගේ දුරකථන ගණුදෙණුව ගැන රහස.


රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයාට පමණක් නොව තවත් මන්ත්‍රීවරු එකසිය විසි තුන්දෙනෙකුට එස්. බී. දිසානායක මහතා එලෙස දුරකථන ඇමතුම් ලබාදී ඇතැයි පා.ම වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

"වත්මන් දේශපාලනය අර්බුදය සහ ජනතා විමුක්ති පෙරමුණේ භූමිකාව"  මැයෙන්  ඊයේ මහනුවර සුව මැදුර ශාලාවේදී පැවති ජනහමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය.

එහිදි වැඩිදුරටත් ඔහු සදහන් කර සිටියේ,

පක්ෂ මාරු කිරීම සඳහා මුදල් ලබාදී ආරාධනා කිරීමේ  සිද්ධියක් පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා දිගින් දිගටම හෙළි කළත් ඔහුගේ වෙනත් තොරතුරු රැසක් හෙළි කරන බවට පොදු ජන පෙරමුණ කළ නිවේදනයකින් පසු වහාම පාලිත රංගේ බණ්ඩාර නිහඩවූ බව ඔහු සදහන් කළේය.

පක්ෂ මාරු කිරීම සඳහා ආරාධනා ලැබ  මූලික අත්තිකාරම් ලැබුණු ඇතැම් මන්ත්‍රීවරු මුදල් ගණන්  කිරීම සඳහා යන්ත්‍ර පවා අරගෙන සිටි  බවත් එවන් විශාල මුදල් කොළ ප්‍රමාණයක් මුදල් අතින් ගණන් කරන්නට පැය කිහිපයක් ගතවන බැවින් සමහර මන්ත්‍රීවරුන් මුදල් ගණන් කිරීමට මෙන්ම ලැබෙන මුදල් ව්‍යාජ නොවන මුදල් දැයි දැනගැනීම සඳහා ක්‍රමවේද සකස් කර තිබුණ බවද එහිදි සදහන් කළේය.

රුපියල් කෝටි 50ට විකුණුනු ඇතැම් මන්ත්‍රීවරුන්ට රුපියල් කෝටි 20 ක අත්තිකාරම් මුදලක් පමණක් ලබාදී ඉතිරි මුදල හිමිවෙන  අමාත්‍යධුරය ඔස්සේ උපයා ගන්නා ලෙසද උපදෙස් ලැබී ඇති බවද මන්ත්‍රිවරයා වැඩිදුරටත් කිය..

වසන්ත සේනානායක පක්ෂ මාරු කරන ආකාරයට ඔහු දිවංගත අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායකගේ මුණුබුරු  නොව ඩී.එස්.සේනානායකයන්ගේ අශ්වයාගේ මුණුබුරා විය යුතු යැයි ද නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගහන ලද කුමන්ත්‍රණයක් වශයෙන් හැදින්විය හැකි බවත් කි ඒ මහතා  මේක හමුදා කුමන්ත්‍රණයක් නොවන්නේ නිල ඇඳුම් ඇඳගත් හමුදා භටයන් නොමැති නිසා බවත් එසේ   නොමැතිනම් මෙය සම්පූර්ණයෙන්ම කුමන්ත්‍රණයක් බවද මන්ත්‍රිවරයා එහිදි කිය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment