එජාපෙ අදත් ජනපති හමුවේ : අගමැති කව්දැයි TNA ට කියයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් අතර හමුවක් අද (02) පස්වරුවේදී ද සිදුවීමට නියමිතව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.
පසුගියදා දෙපාර්ශවය අතර සිදුවූ සාකච්ජාවේදී ගනු ලැබූ තීන්දු තීරණ සම්බන්ධයෙන් ඉදිරිදින කිහිපය තුල කටයුතු කල යුතු ආකාරය පිළිබඳව මෙහිදී වැඩිදුරටත් සාකච්ජා කිරීමට නියමිතබව එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.
මේ අතර අගමැතිවරයා වශයෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා යලිත් නම් කිරීමට තම පක්ෂය තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂය විසින් විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.
එක්සත් ජාතික පෙරමුණේ සභාපති කබීර් හෂීම් මහතා විසින් ඊයේ (01) විපක්ෂනායකවරයා වෙත අදාල ලිපිය යොමු කර ඇත.
එක්සත් ජාතික පක්ෂය විසින් විපක්ෂ නායකවරයා වෙතඑසේ දැනුම්දීමක් කර ඇත්තේ, එක්සත් ජාතික පෙරමුණ විසින් නම්කරනු ලබන පුද්ගලයකු අගමැති ධුරයට පත් කිරීමට සහාය ලබාදෙන බවට දෙමළ ජාතික සන්ධානය (TNA ) ජනාධිපතිවරයා වෙත පසුගිය සතියේ නිල වශයෙන් දැනුම් දී තිබීම නිසාය.
0 comments :
Post a Comment