113ක් ආයු වැළදු ලොව වයස්ගතම මිනිසා මිය යයි



ලොව වයස්ගතම පුරුෂයා ලෙස 2018 අප්‍රේල් මසදී ගිනස් වාර්තා පොතට ඇතුළත්ව සිටි ජපන් ජාතික මසාසෝ නොනාකා පෙරේදා ඉරුදින ජීවිතයට පත් විය. 1905 ජූලි මස 25 දින උපන් ඔහු ජපානයේ උතුරුදිග
හොක්කයිඩෝ දිවයිනේ
වැසියකි. ඔහු පෙර දින සුවසේ සිටි බව පවුල් සාමාජිකයෝ පවසති. ගිනස් වාර්තා පොතට අනුව විශ්‍රාම ලත් පසු ඔහුගේ දින චර්යාව වූයේ පුවත්පත් කියැවීම, පැණිරස ආහාර අනුභවය හා රූපවාහිනිය නැරඹිමය.

සිය දිඝායු ලැබීමේ රහස නම්, උණුදිය උල්පත් ජලය ස්නානය සහ පැණිරස ආහාරයට ගැනීම බව ඔහු කියා සිටියද, එහි සැබෑ හේතුව ආතතියෙන් තොරව ජීවත්වීම බව ඔහුගේ දියණිය පවසා ඇත. 2017 ජුනි මස 16 වන වියේදී මියගිය ජිරෝමන් කිමුරා නමැති ජපන් ජාතිකයා මෙතෙක් ලොව වැඩිම කාලයක් ජීවත්වූ පුද්ගලයා ලෙස වාර්තාගත වී ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment