ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක් ශ්‍රී ලංකාවට.


ශ්‍රී ලංකාවේ මූලික සෞඛ්‍යය භාවිතය සහ සෞඛ්‍යය සේවාවල ගුණාත්මක ඉහළ නැංවීම සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 200 මුදලක් ලබාදීමට ලෝක බැංකුව එකඟතාව පළ කර ඇත.

ලෝක බැංකුව වෙනුවෙන් ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂිකා අයිඩා ස්වරායි රිඞ්ඩිහවු මහත්මිය ද ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍යශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ද අදාළ ගිවිසුමට අත්සන් තැබූහ.  
           
මෙම එකඟතාව යටතේ ශ්‍රී  ලංකාවේ මූලික සෞඛ්‍යය සේවාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම, බෝ නොවන රෝග හඳුනාගැනීම සහ කළමනාකරණය, සමස්ත ජනගහනයේ සහ ජනගහනයේ වඩාත් අවදානම් සහගත කොටස්වල වෙනස්වන සෞඛ්‍ය අවශ්‍ය‍තා හා වුවමනාවලට ප්‍රතිචාර දැක්වීමට යනාදිය තුළින් මෙරට ජනතාවට ප්‍රතිලාභ සැපයීමට අරමුණු කෙරේ. 
                             
සොඛ්‍යය හා පෝෂණ අමාත්‍යංශය විසින් ‘ශ්‍රී ලංකාවේ මූලික සෞඛ්‍යය සේවා ප්‍රතිසංවිධානය කිරීම: අපේ ප්‍රගතිය පරෙස්සම් කිරීම සහ අනාගතයට සූදානම් වීම’ යන තේමාව යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment