'නිල් අහස ඇවිද යමි' කාව්‍ය සංග්‍රහය ජනගත කිරීම ජනවාරි 24 දා.


රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා රචිත කාව්‍ය අසූ හතකින් (87) සමන්විත නිල් අහස ඇවිද යමි  පද්‍ය සංග්‍රහය ජනගත කිරීම ජනවාරි 24 දා පස්වරු 3.00 මහවැලි කේන්ද්‍රයේ දි සිදු කෙරේ. 

ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ මහචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ මහතා සහ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතා මෙහි  දෙසුම් පවත්වති.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු ලෙස  මොනරාගල,කොලොන්න,ඔිපනායක ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස ද සමෘද්ධි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ද  ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ  කොමසාරිස් ලෙස ද ග්‍රාම සංවර්ධන අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කළ රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා වර්තමානයේ දි රාජ්‍ය ව්‍යවසාය , කන්ද උඩරට උරුමයන් සහ මහනුවර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කරයි.

නිල් අහස ඇවිද යමි කාව්‍ය සංග්‍රහය ජනගත කිරීම  ආසියානු මාධ්‍ය සහ සංස්කෘතික සංගමය (AMCA) මගින් සිදු කරනු ලබයි. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment