කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පළ කරන අනාවැකි - ජනවාරි 24

 -------------------------------------
මහජනයා සඳහා කාලගුණ අනාවැකි

2019 ජනවාරි මස 24දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

---------------------------
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තරමක ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කෙරේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල සිහින් වැසි ඇති වන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.


ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය
-------------------------------
2019 ජනවාරි මස 24දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 25-35 පමණ වේ.

මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා බලපිටිය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40-45 පමණ දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.
----------------------------------
ඉදිරි පැය 36 සදහා කාලගුණ අනාවැකිය

2019 ජනවාරි මස 23 දින සවස 1600 ට නිකුත් කරන ලදි.
-------------------------------------
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තරමක ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කෙරේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල සිහින් වැසි ඇති වන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment