ජනපති නිල සංචාරයට විපක්ෂ මන්ත්‍රීවරුන් 8ක් එක්කරගැනීම ගැටලුවක්


ජනපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිලිපීන නිල සංචාරය සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් රැසක් වන ලසත්න අලගියවන්න, නිශාන්ත මුතුහෙට්ටිගම, ලක්ෂ්මන් වසන්ත, සාරතී දුෂ්මන්ත, ඩිලාන් පෙරේරා,
ශ්‍රියාණි විජේවික්‍රම,
අංගජන් රාමනාදන්, වීරකුමාර දිසානායක යන මන්ත්‍රීවරු හා වරියන්  එක්කරගැනීම ගැටලුවක් බවට අදහස් පළව තිබේ.
රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තකදී සහභාගීවන අය තීරනය විය යුත්තේ රට නියෝජනය කරන තනතුරු දරන නිලධාරින්ද ජනපතිගේ දේශපාලන හිතවත්කම මත කැමති අයද යන්න ගැටලුකාරී වී තිබේ.
ඒ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වන කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා ප්‍රශ්න කරන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය දූත පිරිසට විපක්ෂ මන්ත්‍රීවරුන් එක්කර ගන්නේ කෙසේද යන්නයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment