සිරිසේන ආයෙත් ව්‍යවස්ථාව කඩලා : මාස තුනකින් පාර්ලිමේන්තු ඇවිත් නැහැ!


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා මාස තුනකට වරක් පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගි විය යුතුව තිබුණද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසරේ ඔක්තෝබර් 12 වැනිදාට පසු පාර්ලිමේන්තුවට සහභාගි වී නැතැයි ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

ඒ අනුව මාස තුනකට වැඩි කාලයක් ජනාධිපති සිරිසේන මහතා පාර්ලිමේන්තුවට සහභාගි නොවී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන ආකාරයට කටයුතු කර ඇති බවට ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදී සාකච්ඡා විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා,

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකීමට බැඳී සිටිනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මාස තුනකට වරක් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට සහභාගි විය යුතුව තිබෙනවා. නමුත් එතුමා අවසන් වතාවට පාර්ලිමේන්තුවට සහභාගි වී තිබෙන්නේ පසුගිය ඔක්තෝබර් 12 වැනිදා. මේ වනවිට මාස තුන ඉක්මවා තිබෙනවා. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකීම් ඉටු කිරීමට බැඳී සිටියත් ඒ වගකීම ඉටු කිරීම සඳහා ඔහු මාස 03කට වරක් සහභාගි විය යුතුව තිබුණත් ඔහු මාස තුන ඉක්මවා  ගොස් තිබියදීත් පාර්ලිමේන්තුවට සහභාගි වී නැති බව ඉතා හොඳින් පෙන්වා දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ තීන්දුව කුමක්ද කියා මම දැනගන්න කැමතියි" යනුවෙන් කියා සිටියේය.

සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල - මේ ගැන මම ජනාධිපතිවරයාට දන්වන්නම්. මට කරන්න පුළුවන් එච්චරයි. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment