පොහොට්ටු ප්‍රචාරණය අතරතුර සනත් නිශාන්තගේ ජීප් රථය අනතුරක

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ගමන් ගත් ජීප් රථය ඊයේ (20) සවස වනාතවිල්ලුව කරතිව් ප්‍රදේශයේ දි අනතුරකට ලක් විමේන් වාහනයට දැඩි හානි සිදුව තිබු අතර එහි රියදුරා
ප්‍රතිකාර සඳහා පුත්තලම
මුලික රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තාවේ.
සනත් නිශාන්ත මහතා වනාතවිල්ලුව කරතිව් ප්‍රදේශයේපෛාහොට්ටු පක්ෂයේ ප්‍රවර්ධන කටයුතු වල නිරතව සිට ආපසු ආරච්චිකට්ටුව නිවස බලා ගමන් කරමින් තිබියදි කරතිව් ප්‍රදේශයේදි වාහනය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.‍ෙ
අනතුර සිදුවන අවස්ථවේ මන්ත්‍රීවරයා සමඟ ජිප් රථයේ ඔහුගේ බිරිඳ සහ තවත් කිප දෙනෙකු සිට ඇති නමුත් ඔවුන් කිසිවකුට කිසිදු අනතුරක් සිදුව නැත. ෙ
 එයින් රියදුරුට තුවාල සිදුව නැතත් ඔහුගේ පපුවේ ඇතිවු  සිරවිමක් හේතුවෙන් පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර තිබු බව කියයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment