දීපිකා පදුකොන් - රන්වීර් සමග හිතවතියගේ විවාහය වෙනුවෙන් බෙන්තොට හෝටලයේ


අලුත විවාහ වුණු බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං ඔවුනගේ හිතවතියකගේ විවාහ උත්සවය වෙනුවෙන් මේ දිනවල ලංකාවට පැමිණ සිටී.

රන්වීර් හා දීපිකා ලංකාවට පැමිණ තිබුනේ දීපිකාගේ මිතුරියක් වන ශ්‍රීලා රාඕ (Srila Rao)ගේ විවාහය උත්සවයට සහභාගී වීම සඳහායි .

ශ්‍රීලාගේ මංගල ඇදුම් නිර්මාණය කරපු Sabyasachi Mukherjee විසින් දීපිකා හා රන්වීර් මේ විවාහ උත්සවයේ දී ගත්ඔ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට යොමු කර තිබුණි.

මේ විවාහ උත්සවය බෙන්තොට ප්‍රෙද්හයේ පවත්වා ඇති අතර  පැවැත්වුනේ Villa Bentota  කියන හෝටලයේ බවද වාර්තා විය. එහිදී දීපිකා විසින් සිය මිතුරියට කරාබුවක් පලන්දන ආකාරය දැක්වෙන ඡායාරූපයක් බොහෝ දෙනාගේ අවධානය දිනා ගන්න සමත් වුණි .

මෙහිදී දීපිකා සුදු පැහැයට හුරු එම්බොයිඩර් සාරියකින් සැරසී සිටි අතර කරාබු යුවලක් පමණක් පැළද සිටියා. බොහෝ දෙනාගේ  මතය වුනේ  දීපිකා සිය මිතුරියගේ යහළු මනමාලියක (බ්‍රයිඩ්ස්ටේම්) ලෙස සැරසී සිටි බවයි . ඒ වගේ ම ඇය කළු පැහැති ඇඳුමකින් සැරසී මනාලිය හැඩගන්වන ස්ථානයේ රැදී සිටින ඡායාරූපයක් ද සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් තිබුණා.













Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment