සිසුවිය සීනුව නාද කළත් නොනවත්වා ගිය බසයට එරෙහි පැමිණිල්ලට රියදුරු කොන්දොස්තර පොලිසියට

මාර්ග අංක 122 මහරගම අවිස්සාවේල්ල මහරගම ඩිපෝවට අයත් මගී ප්‍රවාහන බස් රථයක් පසුගිය 16දා රාත්‍රියේ ගොඩගම බස් නැවතුම්පපොළේදී පාසල් සිසුවියක් සීනුව නාද කළත් නොනවත්වා ධාවන යෙදී එම
බස් රථයේ ගමන් ගත් පාසල් සිදුවිය පාළු ප්‍රදේශයක දමා ගොස් දැරිය අතරමං වී ඇතැයි සිසුවියගේ පියා මීගොඩ පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව මීගොඩ පොලිසිය පවසයි. මෙම පාසල් සිසු උපකාරක පත්ති නිම වී ඉකුත්දින සවස 6.50ට පමණ මහරගමින් ධාවනය වූ මෙම බස් රථයට
ගොඩ වී ගොඩගම ගමනාන්තයට ප්‍රවේශ පතක් ලබාගෙන ඇති අතර තම ගම් සීමාව ළඟා වීමත් සමඟ බස් රථයේ සීනුව නාද කර ඇත.

එය නොතකා බස් රථයේ රියැදුර කිලෝමිටර්2ක් පමණ දුර බස් රථය ධාවනය කර පාළු ප්‍රදේශයක මෙම දැරිය දමා ගොස් ඇත. එම ස්ථානයට නුදුරු තැනක වෙළෙඳාමේ යෙදී සිටි කාන්තාවට මෙම දැරිය තමා අතරමං වී ඇති බව පවසා ඇති අතර එම කාන්තාව දැරීයගේ පියාට දුරකථනයෙන් කතා කර දරුවා හයිලෙවල් මාර්ගයේ නඩුහේන ප්‍රදේශයේ තමා ළඟ සිටින බව පවසා සිටියාය. මින් අනතුරුව දැරියගේ පියා පැමිණ දරුවා රැගෙන මීගොඩ පොලිසිය වෙත ගොස් මෙම සිද්ධිය පැමිණිලි කර ඇත.

මෙම සිද්ධිය සමිබන්ධයෙන් පාසල් දැරියගේ පියා මහරගම ඩිපෝ අධිකාරී වෙත පැමිණිල්ලක් ඉදිරීපත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිලක රූපසිංහ මහතා මෙම බස් රථයේ රියැදුරු හා කොන්දොස්තර කැඳවා ඔවුන්ට විරුද්ධව පැමිණිලි විභාග කර තිබේ.  ඔවුන් සම්බන්ධව මහරගම ඩිපෝව අධිකාරී වෙත විනය පරීක්ෂණ පවත්වන මෙන් දැනුවත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඩිපෝ අධිකාරී ගත් ක්‍රියාමාර්ගය මීගොඩ පොලිස් ස්ථානාධිපති වෙත දැනුම් දෙන ලෙසද දන්වා ඇත.එම සිද්ධිය සම්බන්ධයෙන් මෙම පාසල් සුසුවිය ලංගම සභාපතිවරයා වෙතද ලිඛිතව පැමිණිලි කර තිබේ.

-පතිරණගේ සාලිය-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment