ගොල්ෆේස් කෝට් නිවාස සංකීර්ණයේ සේවකයාගේ මරණය තවම අභිරහසක්


කොල්ලූපිටිය, ගෝල්ෆේස් කෝට් නිවාස සංකීර්ණයේ නිවසක පදිංචි එංගලන්ත ජාතික ව්‍යාපාරිකයකුගේ රියැදුරු ලෙස සේවය කළ ශ්‍රී ලාංකික පුද්ගලයෙකුගේ මියයාම පිළිබඳ පසුගිය සෙනසුරාදා වාර්තාවූ පුවත සම්බන්දයෙන් තවම නිශ්චිත අනාවරණයක් සිදුව නැත.

එම නිවසේ කාමරයක ඇඳක් මත පිළිස්සී අබිරහස් අන්දමින් මිය යෑම සම්බන්ධයෙන් කොල්ලූපිටිය පොලිසිය තවමත් පරීක්ෂණ පවත්වයි.
 පසුගිය 19 වැනිදා උදේ මෙලෙස මියගොස් සිටියේ අතුරුගිරිය, අරංගල, හෝකන්දර උතුර පදිංචිව සිටි සේනක  ශ්‍රීලාල් ජයසිංහ නමැති 49 හැවිරිදි අයෙකි.
 මෙම මියගිය පුද්ගලයාගේ අත් පා ගැටගසා පුළුස්සා ඇති බවට නිරීක්‍ෂණය වූ බව ද පොලිසිය කියය
 මෙම නිවසේ හිමිකරු එංගලන්තයේ ව්‍යාපාරික කටයුතු කරගෙන යන අයකු බව හෙළිවී ඇත.
 මියගිය අය එම ව්‍යාපාරිකයාගේ රියැදුරු වශයෙන් සේවය කරමින් සිට ඇත. මියගිය අය දිනපතා අතුරුගිරියේ සිට කොල්ලූපිටිය නිවසට රියැදුරු රාජකාරිය සඳහා පැමිණ තිබේ.
 මෙම සිද්ධිය වූ 19 දා මියගිය අය නිවසට පැමිණ තිබේ. එසේ සිටියදී එම ව්‍යාපාරිකයා ආසන්නයේ වෙළෙඳසලකට

ගොස් ඇත්තේ සවස නිවසේ පැවැත්වීමට නියමිතව තිබූ සාදයකට අවශ්‍ය කළමනා රැගෙන ඒමටය. එම කළමනා රැගෙන නිවසට විත් බැලීමේදී තම රියැදුරු ඇඳක් මත පිළිස්සී සිටින අයුරු දුටු බව එම ව්‍යාපාරිකයා පොලිසියට ප‍්‍රකාශ කර තිබේ.
 කෙසේ වෙතත් මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට සැක කරන හෙයින් පොලිසිය එම ව්‍යාපාරිකයාගෙන් ප‍්‍රශ්න කර තිබේ.
 මෙම රියැදුරු අදාළ කාමරයේ ඇඳ මත අත් පා ගැටගසා භූමිතෙල් දමා ගිනිතබා මරා දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
 මියගිය රියැදුරුගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ 20 වැනිදා පැවැත්වීමට නියමිතව තිබිණි.
 කොල්ලූපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.
 සිද්ධිය සම්බන්ධයෙන් එංගලන්ත  ව්‍යාපාරිකයාගෙන් මේ වන විට ප‍්‍රකාශ ලබාගෙන ඇතැයි ද පොලිසිය කියයි.

-ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්-

සිද්ධිය ගැන පෙර විස්තරය
ගෝල්ෆේස් කොර්ට් කෝකියාගේ මරණය අභිරහසක් පිළිස්සුණ මළ සිරුර ඇදේ ගැටගහලා
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment