පාසල් බස්රථ වලට නගින සිසුවියන්ගේ නිරුවත වීඩියෝ කළ පුද්ගලයා අත්අඩංගුවට

පාසල් වේලාවන්හිදී බස් රථවල ගමන් කරමින් සිසුවියගේ රහස් ප්‍රදේශ ජංගම දුරකතනයකින් විඩියෝ කිරිම්
චෝදනාව මත 42 හැවිරිදි
දෙදරු පියෙක් පූගොඩ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
පැපිලියවල දංගල්ල හන්දියේදී බස් රථයකට ගොඩවීමට සිටි සිසුවියක වීඩීයෝ ගත කරනු ඇයගේ පියා දැක ඒ සම්බන්ධව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව සිදු කළ පරික්ෂණවලදී සැකකරු විසින් කාලයක සිට සිදු කළ මෙවැනි වීඩියෝ දර්ශන 12ක තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.
සැකකරු එම ප්‍රදේශයේම පදිංචි රියැදුරක් වන අතර ඔහු පූගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.

-කිරිඳිවැල උපාලි රණවිර-


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment