''සේනා'' මදිවට තවත් දළඹුවෙක් මනම්පිටියෙ-ගොයමත් ඉවරයි


 ''සේනා'' දළඹුවා මෙන් බඩඉරිඟු වගාවට සහ වී වගාවට හානි කරන තවත් දළඹු වර්ගයක් දිඹුලාගල, මනම්පිටිය, වෙල්යාය ප්‍රදේශයේ ගොයමක සිටියදී ඊයේ (23දා) යොවි මහතකුට හමුවී තිබේ. මනම්පිටිය,
දළුකාන ප්‍රදේශයේ පදිංචි එස්.
ප්‍රේමදාස (අවු.50) මහතාට ඔහුගේ කුඹුරේ ගොයම් කොළවල සිටියදී අදාළ දළඹුවා හමුවී ඇත. එම දළඹුවා ගොයම් කොළද කා ඇති අතර, එවැනි දළඹුවන් තම කුඹුරේ තවත් දැකිය හැකි බවත්, අනිකුත් වී වගාවන්ට මෙන් භෝග වගාවටද වැලඳීමට පෙර මේ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් එස්. ප්‍රේමදාස මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී දිඹුලාගල මහවැලි කොට්ඨාස කළමනාකාර තුසිත හේරත් මහතා පවසා සිටියේ,
සේනා දළඹුවා පිළිබඳ මනම්පිටිය ප්‍රදේශවලින් භාවිතා වුණා. නමුත් ගොයමට හානි කරන ඔය කියන දළඹුවා පිළිබද අපි දන්නේ නැහැ, අපි ඒ පිළිබඳ කෘෂිකර්ම උපදේශක දැනුවත් කරලා වහාම පරීක්ෂණයක් කරනවා, ගොයමට හානි කරනවා නම් ඒක ලොකු අවදානමක්" යනුවෙනි.

- නිමල් ජයරත්න-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment