මහින්ද විපක්ෂ නායක කාර්යාලයේ රාජකාරී අරඹයි

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා කොළඹ 07, ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ, අංක 30 ස්ථානයේ
පිහිටි 

 විපක්ෂනායක කාර්යාලයේදී අද (18) පෙරවරුවේ වැඩ භාරගත්තේය.
චාම් උත්සවයකින් පසුව සිදුවූ මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව සිටින පක්ෂ නායකයන් සහභාගි විය.
නව විපක්ෂනායක ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ හර්ෂ විජේවර්ධන මහතාය.
මීට පෙර විපක්ෂනායක ධුරයේ කටයුතු කළ ආර්.සම්බන්ධන් මහතා විපක්ෂනායක කාර්යාලයේ සිටි කාර්යමණ්ඩලය හා ලිපිලේඛන ඉවත් කරගෙන තිබෙන අතර,අවසන් වශයෙන් රැඳී සිටි ඔහුගේ ආරක්ෂකයන් තිදෙනාද ඊයේ දිනය වනවිට ඉවත්ව ගොස් තිබිණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment