එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රමවලට ආවරණය වී නොමැති සහනදායී නිවාස ණය අපේක්ෂා කරන විදේශ සේවා නියුක්තිකයින්, සාමාන්‍ය බස් රථ වෙනුවට නාගරික සුඛෝපභෝගී බස් රථ ධාවනයේ යෙදවීමට අපේක්ෂිත පෞද්ගලික බස් හිමියන්, වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන ඉදි කිරීම හා වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන ආයෝජකයින් හා කුලී රථ සේවය වෙත යොමුවීමට කැමති ත්‍රී රෝද එිහියන් වැනි පිරිස් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරනු ලබන ණය යෝජනා ක්‍රමවල පවතින සහනදායී නියමයන් හා කොන්දේසි හේතුවෙන් මෙම ණය යෝජනා ක්‍රම සඳහා විශාල ඉල්ලුමක් පවතින බව නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)


0 comments :
Post a Comment