කැළුම් හසුවූයේ පෑලියගොඩදී හේමාල් රංජන නමැති කොමියුනිකේෂන් අයිතිකරුවෙකු
හා කසුන් සඳරුවන් නමැති දෙදෙනෙකු හසුවීමෙන් පසු ඔවුන් ලබාදුන් ඔත්තු අනුවයි. ඔවුන් දෙදෙනාද දියමන්ති කොල්ලයට සම්බන්ධව සිටි අයයි. හේමාල් රංජන නමැති කොමියුනිකේෂන් අයිතිකරු සිය ආයතනය පවත්වාගෙන ගොස් තිබුනේ කඩුවෙලයි. ඔහු වීඩියෝකරණ හැකියාවෙන් යුතු අයෙකු බවද කැවුමාගේ
ඩීවීඩී පටයක් මීට දින දෙකකට පෙර මොරටුවේදි කොටුකරගත් කැවුමාගේ කුලී නිවසේදී පොලිසියට හසුව තිබුණි. එහි පිටපතක් තැපැල් මගින් ඩුබායිහි සිටින මධුෂ් වෙත අවමංගල්‍යය සිදුවූ දිනවල යැවූ බවද අත්අඩංගුවේ පසුවන කැවුමා ප්‍රකාශ කර තිබේ.
මේ අතර කැළුම් ඉන්දික හෙවත් කැවුමා තම ඇත්ත නම සඟවා 'සමන්ත' යන ව්‍යාජ නමකින් පෙනීසිටිමින් මෙම කුලී නිවස මිලට ගන්නට මොරටුව රාවතාවත්තේ නිවෙස් හිමිකරුවන් වෙත පැමිණි බව වාර්තා කර තිබේ. නිවෙසේ ඉහල මාලයේ රැඳී සිටින අඹුසැමි යුවළට මෙම නිවස අයත්වූ අතර තමන් වෙත සමන්ත යන නමින් යුතු ව්‍යාජ ජාතික හැඳුනුම්පතක පිටපතක්ද සමග ඔහු ආ බවත් ඔහු සමග පුස්තකාල සහායිකාවක් යයි කියාගත් තරුණියකද පැමිනි බවත් එම යුවළ පවසා තිබේ.
පුස්තකාල සහායිකාව ඉන් පසුවද අවස්ථා ගණනාවකදී සමන්ත (කැවුමා) හමුවෙන්නට එහි ආගිය බවත් ඇය රඟපෑවේ සමන්තගේ පෙම්වතියක ලෙස බවත් අඹුසැමි යුවළ පවසා ඇත.
පසුගිය ජූලි මාසයේ නිවසට අදාළ කුලී මුදල් ලබාදෙන අවස්ථාවටද එක්වූ මෙම තැනැත්තිය පාතාල කටයුතු වලට සම්බන්ධ අයෙක්ද යන්න සොයාබැලීමට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
මේ අතර පාතාල සිද්ධියට සම්බන්ධයක් අතැයි සැක නැති නිසා අදාළ අඹුසැමි යුවළ නිදහස් කරන්නට පොලිසිය ඊයේ කටයුතු කර තිබේ.
0 comments :
Post a Comment