දයාසිරි - තිලංග එළිපිට ගැටෙති: ශ්‍රිලනිපය නන්නත්තාරයි.


ජනාධිපති සිරිසේන සිය ධූර කාලය අවසන් වන දිනය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමට තීරණය කර ඇති බවට පළවූ පුවත පදනම් කරගෙන ශ්‍රිලනිප අභ්‍යන්තරයේ බෙදීමක් හටගෙන තිබෙන බව වාර්තා වෙයි.

මෙම ප්‍රකාශය පසුගියදා මාධ්‍ය හමුවකදී සදහන් කර සිටියේ ශ්‍රිලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින්ය.

එහිදී ඔහු පවසා සිටියේ ජනාධිපති සිරිසේනට 2020 ජුනි දක්වා ජනාධිපති ධූරය ඉසිලිය හැකි බවට මතයක් ඇති බවත් එසේ වුවහොත් ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමටද හැකියාව තිබෙන බවය.

නමුත් ඊට හාත්පසින් වෙනස් අදහසක් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සදහන් කර සිටියි.

ඒ සිය ධූර කාලය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමේ කිසිම සූදානමක් ජනාධිපති සිරිසේනට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොමැති බවය.

පක්ෂයේ ඇතමුන්ට ජනාධිපති ධූර කාලය සම්බන්ධව මතය විමසීමට අවශ්‍යව ඇති නමුත් ජනාධිපති සිරිසේන මෙතෙක් එවැනි කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බවද තිලංග මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

ඇතැම් අයට ජනාධිපතිවරණය කල්දමා මහ මැතිවරණයක් වෙත යාමේ අවශ්‍යතාව නිසා යම් යම් උපදේශකයින්ගේ අවශ්‍යතාව මත මෙවැනි ප්‍රකාශ නිකුත්කරන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

කෙසේ වුවත් මේ සම්බන්ධව පක්ෂ අභ්‍යන්තරයේ දරුනු බෙදීමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment