ශ්‍රිලනිප අපේක්ෂකයා වෙන කවුරුත් නෙවේ, මෛත්‍රිපාල සිරිසේන.


ඔය පොහොට්ටුවේ කට්ටිය කියන විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවට යට කරන්න අපි කවුරුත් සූදානම් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව කාටවත් ජනාධිපති කෙනක්, ආණ්ඩුවක්, පළාත් සභාවක් හදන්න බෑ. පක්ෂයේ අපේක්ෂකයා වෙන කවුරුත් නෙමෙයි මෛත්‍රීපාල සිරිසේන මහතා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.              

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (11) අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පසුගිය පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් සමඟ පැවති සාකච්ජාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක මහතා,

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි හැම විටම  සන්ධානයකට කැමතියි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමදාමත් සන්ධාන ගත වෙලා තමයි සියලු ජයග්‍රහණයන් ලබා තිබෙන්නේ, ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි, මධ්‍යම කාරක සභාව ජනාධිපතිතුමා අපි සියලු පක්ෂත් එක්ක සාකච්ජා කරලා පුළුල් සන්ධානයක් හදා ගන්න බොහෝම කැමති කට්ටිය අපි.

අපේ සන්ධානය පුළුල් වෙන්න වෙන්න, අපේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා, ජයග්‍රහණය ස්ථාවර වෙනවා.ඒ නිසා තමයි පොහොට්ටුවත් එක්කත් අපි සාකච්ජා කළේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටත් අපිටත් එදා අමාරු වෙලාවේ හිටපු, එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක හිටපු කාවවත් අපිට අමතක කරන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මොන පක්ෂය සමඟ සාකච්ජා කළත්, මොන පක්ෂයත් සමඟ සන්ධාන ගත වුණත් අපි ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවයත් ආරක්ෂා කර ගෙන ඒ ගමන යනවා මිසක් එහෙම නැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යට කරලා ඒ කිසිම සාකච්ජාවක් කරන්නේ නෑ කියලා අපි ඉතාමත් පැහැදිලිව කියන්න ඕනකම තියෙනවා යැයි” ඔහු වැඩිදුරටත් පැවසිය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment