ඊළඟ අවුරුදු සැමරීම මහින්දගේ ආණ්ඩුවක් යටතේ: නාමල්.


මෙරට ජනතාව ලබන අවුරුද්ද සමරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් යටතේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සදහන් කර සිටියේ ආණ්ඩුව විසින් විවෘත කළ මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගය නැවත විවෘත කිරීමක් වැනි අවස්ථාවකට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමග එක්වෙමින්‍ ය.

තමන් මෙය වගකීමකින් යුතුව සදහන් කල මන්ත්‍රීවරයාව පළාත් සභා මැතිවරණය සහ ජනාධිපතිවරණය කල් දැමීමට උත්සාහ නොකරන ලෙසද ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

තවද අනිවාර්යයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව පොහොට්ටුවේ ආණ්ඩුවක් සහ පොහොට්ටුවේ ජනාධිපතිවරයකු පත් කරගන්නා බව පැවසූ මන්ත්‍රීවරයා එය සිදු කරන්නේ පුළුල් සන්ධානයකින් බවත් පැවසීය.

උතුරු - නැගෙනහිර යා කිරීමට, සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් සියලුම ජනකොටස් එක් කිරීමට සහ සියලුම දේශපාලන පක්ෂ එක් කිරීමට හැකි පුළුල් සන්ධානයකින් තමන්

ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බවත් එක්සත් ජාතික පක්ෂයේ කොටසක් සමඟ ද තමන් සාකච්ඡා පවත්වන බවත් මන්ත්‍රීවරයා එහිදී අනාවරණය කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment