ගෝඨාට බැරිනම් කුමාර වෙල්ගම: මෛත්‍රී ධූරකාලය විමසන්නෙ නෑ.


හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට ලබාදීම සඳහා ඒකාබද්ධ විපක්ෂය මේ වන විට සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

පෙහොට්ටුවේ ඇතැම් අයගේ මතය වී ඇත්තේ ජනාධිපති අපේක්ෂකත්වයට මෛත්‍රීපාල සිරිසේන මහතා තරග කළහොත් පොදුජන පෙරමුණ වෙනම තරග කළ යුතු බවයි.

පාර්ලිමේන්තුවේ ප්‍රධාන පක්ෂයකද සහයෝගය කුමාර වෙල්ගමට හිමිවන බව මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානීන් වෙත පවසා ඇති බවද වාර්තා වේ.

කුමාර වෙල්ගම විපක්ෂයේ ‍පොදු අපේක්ෂකයා කරගත යුතු බව ඒකාබද්ධ නායකයන් පවසා තිබේ.  

අලුත් අවුරුද්දෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කිරීමේ සූදානමක් ඇතැයි ද පැවසේ.

කුමාර වෙල්ගම මහතා ද රාජපක්ෂ පවුලේ ඥාතියෙකි.

මෛත්‍රීගේ ධූරකාලය

සිය ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණයක් ගෙන නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා කියයි.

පක්‍ෂයේ ඇතැම් පිරිසකට ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳව මතය විමසීමට අවශ්‍යතාවක් තිබුණද ඒ පිළිබඳව ජනාධිපතිවරයා මේ වනතෙක් කිසිදු ප්‍රකාශයක් කර නොමැති බවද ඔහු කීය.

ඇතැම් අයට ජනාධිපතිවරණය කල්දමා මහ ඡන්දයකට යෑමට අවශ්‍ය වීම නිසා යම් යම් උපදේශකයන්ගේ අවශ්‍යතා මත මෙවැනි ප්‍රකාශ සිදුකරන බව පවසන සුමතිපාල මහතා ජනාධිපතිවරයාගේ ධුර කාලය ජනවාරි 08 දා නැත්නම් මැයි 15 වැනිදා ද යන්න ප්‍රකාශ කිරීමට හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට සහ මැතිවරණ කොමිසමට බවද පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment