පුතාගේ හොඳම යාළුවත් ඝාතනය වෙලා: බදුයුදීන්ගෙන් ලංකාව අත්හැර යන්න ඉල්ලයි!


එළිසබත් මෝයර් (elizabeth moir) විදුහලේ අධ්‍යාපනය ලැබූ විදේශික යුවලකගේ පුතකු වන දොළොස් හැවිරිදි කිරාන් නැමැති දරුවාද සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ත්‍රස්ත ප්‍රහාරවලින් ඝාතනය වී තිබේ.

කිරාන් අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාගේ පුතාගේ හොඳම මිතුරාවන අතර ඔහුගේ දේහය අද (23) ජයරත්න මල්ශාලාවට ගෙනඒමට නියමිතව ඇතත්, අන්තවාදීකල්ලිවල තර්ජන හේතුවෙන් රිෂාඩ් අමාත්‍යවරයාට අදාළ අවමංගල්‍ය උත්සවයට සහභාගි නොවන ලෙස තරයේ අවවාද කර ඇතැයි ආරක්ෂක අංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ සිද්ධියත් සමඟ රිෂාඩ්ගේ පුතා ලංකාව අත්හැර යමු යැයි රිෂාඩ්ට බලකරමින් සිටින බව ඔහු විසින් නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ.

මේ අතර එම සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ දෙවියන්ගේ නාමයෙන් මිනිසුන් මරන්න කියා කිසිදු ශුද්ධ ග්‍රන්ථයක සටහන් වී නොමැති බවත්, මාගේ දෙවියන් සිටින්නේ හිංසනය පැත්තේ නොව සාමය පැත්තේ මම දනිමි යැයිද එහි සටහන්ව තිබේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මගේ පුතා වෙනුවෙන් නොව කිරන් වෙනුවෙන් නැගෙන කඳුළුවල වෙනසක් නැත. මේ ඇමතිවරයකුගේ ප්‍රකාශයක් නොව තාත්තා කෙනෙකුගේ හෘදසාක්ෂියයි වැඩිදුරටත් දැක්වේ.

සම්පූර්ණ ට්ව්ටර් පණිවුඩය මෙසේය.

"අවුරුදු දොළහක් වයසැති මගේ පුතාගේ හොඳම යාළුවා, ඒ වයසේම දරුවෙකි. ඔහුගේ නම කිරන්ය. පසුගිය දා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්ව කිරන්ද ජීවිතයෙන් සමුගෙන ඇත. කිරන් මරණයට පත් වූ බව දැනගත් මගේ පුතා, තාත්තේ මට කිරන්ව බලන්න යන්න ඕන කියා කියයි. එවැනි තැනකට ආරක්ෂක හේතූන් මත මා නොයා යුතු බව මගේ ආරක්ෂාවට සිටින නිලධාරීහු කියති. මා කුමක් කරන්නද? දෙවියන් නාමයෙන් මිනිසුන් මරන්න කියා කිසිදු ශුද්ධ ග්‍රන්ථයක සටහන් වී නොමැත. මාගේ දෙවියන් සිටින්නේ හිංසනය පැත්තේ නොව සාමය පැත්තේ බව මම දනිමි. මගේ පුතා වෙනුවෙනුත් කිරන් වෙනුවෙනුත් නැගෙන කඳුළුවල වෙනසක් නැත. මේ, ඇමැතිවරයකුගේ ප්‍රකාශයක් නොව තාත්තා කෙනෙකුගේ හෘදය සාක්ෂියයි. මේ වේදනාවට වඩා දෙතුන් ගුණයක වේදනාවක් දරුවන් අහිමි වූ මව්පියන්ටද මව්පියන් අහිමි වූ දරුවන්ටද තිබෙන බව දනිමි. ත්‍රස්තවාදයට කොන්දේසි විරහිතව විරුද්ධ මනුස්සයෙක් ලෙස ඒ වේදනාව බෙදාගන්නට කැමැත්තෙමි."

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment