"එජාපෙ අගමැති රනිල් පමණයි - පක්ෂය ඇතුලේ වෙන ගේම් බෑ"


අගමැති ධුරය දැරීම සඳහා සුදුසුකම් සහිත එක්සත් ජාතික පක්ෂය තුළ සිටින එකම නායකයා වත්මන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පමණක් යැයි විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය එජාප උප නායක රවී කරුණානායක පවසයි.

එක්සත් ජාතික පක්ෂයෙන්ම වෙනත් අගමැතිවරයෙක් පත් කිරීමට සූදානමක් ඇති බවට පැතිර යන තොරතුරු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් කළ ප්‍රශ්න කිරීමේදී අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබේ.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පක්ෂ නායකයා ලෙස කටයුතු කරද්දී වෙනත් කෙනෙකු පක්ෂ නායකයා ලෙස මතු කිරීම හුවා දක්වන්නේ නම් ඉදිරියේදී ඊට විරුද්දව කටයුතු කරන බවද අමාත්‍යවරයා සදහන් කර ඇත.

‘අම්මලා තාත්තලාගේ නම් විකුණල පක්ෂය ඉදිරියට ගෙන යන්න බෑ. අපට තියෙන්නේ ප්‍රතිපත්තියක් වෙනුවෙන් දේශපාලනය කරන ගමනක්. ඒ මිසක් මූණ බලලා තමන්ගේ ආසනේවත් දිනන්න බැරි අය ලංකාවට පෙන්නන්න හදනවා දිනන්න පුළුවන් කියලා. එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගේ පුම්බන ගමනක් නෙවෙයි තියෙන්නේ. සෘජුව කියන්න කැමතියි අපි නිහඬව සිටින්නේ දුර්වලතා නිසා නොවෙයි. ඒ කාලය දැන් අවසන්. සද්ද නැතුව ඉන්නෙ පක්ෂ සමගිය රැකගන්න.'

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment