ප්‍රහාරකයෙක් මීට දේශපාලන බලපෑමෙන් නිදහස් කරලා: අන්දෝලනාත්මක හෙළිදරව්වක්!


පාස්කු ඉරිදා එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාර අතරින් එක් බෝම්බ ප්‍රහාරයක් සිදු කළ අයෙකු මීට පෙර වනාතවිල්ලුව ප්‍රදේශයේ කළ වැටළීමේදී අත් අඩංගුවට ගත් අයෙකු බව තහවුරු වී ඇතැයි අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි. 

එම වනාතවිල්ලුව ප්‍රදේශයේ කළ වැටළීමේදී අත් අඩංගුවට ගත් සැකකරුවන් අතරින් එක් අයකු හෝ දෙදෙනෙකු නිදහස් කර ගැනීම සඳහා ඉහළම දේශපාලන අධිකාරියෙන් බලපෑමක් සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඒ අනුව, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට හෝ අමතා ඔවුන්ව නිදහස් කරගෙන ඇති බවත් එසේ නිදහස් වූ අයෙක් විසින් මෙම ප්‍රහාර අතරින් එකක් සිදු කර ඇති බවට තහවුරු වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍ය කබීර් හෂීම් මහතා මේ බව පැවසුවේ ඊයේ (22) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මාවනැල්ල ප්‍රදේශයේදී බුදුපිළිමවලට හානි කළ පුද්ගලයින් සොයා 2019 ජනවාරි 17 වනදා වනාතවිල්ලුව, මංගලපුර ප්‍රදේශයේ කළ වැටළීමකදී පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 100ක් ඇතුළු අවි ආයුධ තොගයක් සමඟ සැකකරුවන් 4 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබිණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment