අගමැති මාරුව කෙබරයක්: ඕන අභියෝගයකට අගමැති ප්‍රමුඛ ආණ්ඩුව සූදානම්!

අලුත් අවුරුද්ද ලැබීමත් සමග අග්‍රාමාත්‍ය ධූරය වෙනස් වන බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවත් ඕනෑම දේශපාලන අභියෝගයකට මුහුණ දී එය පරාජය කිරීමට එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව සූදානම් බවත් එහි ප්‍රකාශකයකු පැවසීය.

පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධව සිදුකළ විමසීමකදී ඔහු මේ බව සදහන් කර සිටියේය.

අග්‍රාමාත්‍ය ධූරය වෙනස් වීමත් සමග එක්සත් ජාතික පක්ෂ නායකත්වය ද වෙනස් වන බවත් සදහන් කරමින් අදාල පුවත ප්‍රචාරය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ද අදාල ප්‍රකාශකයා අදහස් දැක්වීය.

මේ වන විට දරුනු බෙදීම් ඇතිව තිබෙන පරාජිත පක්ෂයට සම්බන්ධ නමුත් රාජපක්ෂ පාලනයක් ගැන සිහින දකින කිහිපදෙනකුගේ සාවද්‍ය ප්‍රචාරයක් ලෙස මෙය ආණ්ඩුව විසින් සලකන බවත් ඔහු පැවසීය.

එසේම 113ක් පාර්ලිමේන්තුවේ නැතිව කිසිදු ආණ්ඩු පෙරළියක් සිදුකළ නොහැකි බවත් එවැන්නක් සිදුවුව හොත් ඊට මුහුණ දීමට තරම් ශක්තිමත් ආණ්ඩුවක් ඇති බවත් ඔහු පැවසීය.

ජනාධිපති එහෙම කරන එකක් නෑ - අජිත් පී පෙරේරා

මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය අජිත් පී පෙරේරා සදහන් කර ඇත්තේ ජනාධිපතිවරණයට පෙර කිසිදු දේශපාලන පෙරළියක් සිදුවීමට ඉඩක් නොමැති බවය.

එසේම ජනාධිපති සිරිසේන එවැනි කටයුත්තක් සිදුකර රට නැවතත් අරාජික කරනු ඇතැයි අපේක්ෂා නොකරන බවද අමාත්‍යවරයා පවසා තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment