ඉලක්කය හඹා ගිය පකිස්ථාන පිතිකරුවන්ට කඩුලු 8ක් දැවී පන්දු වාර 20 අවසානයේ ලබාගත හැකි වුයේ ලකුණු 172ක් පමණයි. මෙම පරාජය සමඟ පකිස්ථාන T 20 ලෝක කුසලාන සිහිනය බොඳ වී ගියා.
මෙහිදී වැඩි අවධානයක් යොමුව තිබු පකිස්ථාන නායක අෆ්රිඩි තරඟය අවසාන මොහොතේ දැඩි කනස්සල්ලකින් පසු වීම කාගේත් අවධානයට යොමු වුනා. මෙය තමන්ගේ අවසන් තරඟය විය හැකි බවට ඔහු මීට පෙර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුනා.
එමෙන්ම ලෝක කුසලාන T 20 ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති දෙවන තරඟයෙන් දකුණු අප්‍රිකාව පරාජය කළ කොදෙව්වන් පන්දු තුනක් ඉතිරිව තිබියදී කඩුළු 3න් ජය හිමි කරගත්තා.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 122ක් රැස් කළා.
ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය කොදෙව් පිතිකරුවන් කඩුලු 7ක් දැවී පන්දු වාර 19යි පන්දු 4දී ලකුණු 123ක් ලබාගනිමින් තරඟයේ ජය හිමි කර ගත්තා.
මෙවර ලෝක කුසලනයේත් වැඩි අවධානයක් යොමු කරගත් කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ගේල් විසින් පිතිකරුවෙකු ලෙස මෙම තරඟයේ අසාර්ථක වුවද පන්දු යැවීමේදී කඩුලු 2ක් ලබා ගත්තා.
කෙසේ වෙතත් ඔහු කඩුල්ලක් ලබා ගත් පසු දැක්වූ අපූරු රංගනය කෙරෙහි කාගේත් අවධානය යොමු වුනා.
තරඟ දෙකේ විශේෂ අවස්තා ඇතුලත් වීඩියෝව පහතින්.....
.
0 comments :
Post a Comment