වැලිකඩ ඔබේසේකරපුර අරුණෝදය මාවතේ දී ඊයේ (3 ) දහවල් වෙඩි තබා ඝාතනය කරන ලද පුද්ගලයා වූ ධනුෂ්ක හර්ෂ නොහොත් ‘හර්ෂ’ දකුණු පළාත් හිටපු අමාත්‍ය ඩැනී හිත්තැටිය ඝාතනයේ ප්‍රධාන සැකකරු බවයි වාර්තා වන්නේ.
ප්‍රබල පාතාල සාමාජිකයකු වූ මදුල් නමැත්තාගේ ගෝලයා වන ධනුෂ්ක හර්ෂ පසුගිය 26වන දින ඇප ලබා මාතර බන්ධනාගාරයෙන් පැමිණ තිබෙනවා.පාතාල නායකයකු වූ දෙවුන්දර තමිල් සමග නිරන්තරයෙන් ගැටුණු ඔහු කඹුරුපිටිය නන්දන උයන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.
ටී 56 ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාවට මාතර වෙරළ පාරේදී සැකපිට ඔහුව අත්අඩංගුවට ගත් අතර මාතර හක්මන පාරේ හාල් වෙළඳසලකට පැන රුපියල් ලක්ෂ තුනක් කොල්ලකෑමට හා මාතර බන්ධනාගාරයේ නිලධාරියකුට මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධියකට ඒ වන විටත් ඔහුව පොලිසියට අවශ්‍යව තිබුණා.
ඌරුබොක්ක රොටුඹේ ඝාතන දෙකකට, අකුරැස්ස තලහගම මිනීමැරුමකට, හොරපාවිට ඝාතනයකට තැත් කිරීමකට, කඹුරුපිටියේ ව්‍යාපාරිකයකුට අත් බෝම්බයක් පෙන්වා මරණ තර්ජන කිරීමකට ආදී අපරාධ රැසකට ද ඔහු සම්බන්ධවී තිබෙනවා.
කොළඹ සිදුවූ මිනිමැරුම් හා මංකොල්ලකෑම් සඳහා ද ඊ.සී. කෑෂ් ක්‍රමයට කප්පම් ගැනීම් සඳහා ද මෙම පුද්ගලයා සම්බන්ධ බවයි පොලිසිය සඳහන් කළේ.
කොළඹ බැංකුවක කාර්යාල සහායකයකු ලෙස කලක් සේවය කළ ඔහුට ඊයේ (03) දහවල් තමන් ඇසුරු කරන කතකගේ නිවසේ පුටුවක වාඩිවී සිටියදී දොර තුළින් 3.8 වර්ගයේ ගිනි අවියක් ඇතුළට දමා වෙඩි තබා තිබෙනවා.
වෙඩික්කරුවන් මුහුණු ආවරණ සහිත හෙල්මට් පැලඳ සිට ඇති බවයි වාර්තා වන්නේ

0 comments :
Post a Comment