ලසිත් මාලිංග කියන්නේ ශ්රී ලංකාවෙන් බිහිවුණු විශිෂ්ඨතම වේග පන්දු යවන්නෙක්. ඒ වගේම ලෝකෙ ඉන්න ජනප්රියම ක්රිකට් තරුවක්. ඔහු ජනප්රිය වීමට බලපෑ ප්රධානම හේතු වුණේ ඔහුගේ කොණ්ඩා විලාසිතාව සහ ඔහු පන්දුයවන ඉරියව්වයි.
මාලිංගට ආවේණික වූ පන්දු යැවීමේ ඉරියව්ව එකල සිට අද දක්වාම ඔහුටම සුවිශේෂී වූ පන්දු යැවීමේ රටාවක් වූ අතර, එය අනුකරණය කළ ක්රීඩකයන් කිසිවෙකුත් මේ දක්වාම ක්රිකට් පිටියට බිහි වුණේ නැහැ.
කෙසේ වෙතත් එම සම්ප්රදාය බිඳිමින් ලසිත් මාලිංගගේ ක්රීඩා රටාව 'කොපි කළ' අන්තර්ජාතික මට්ටමේ ක්රීඩකයෙකු හෙවත් 'ඩුප්ලිකේට්' මාලිංග කෙනෙකු ක්රීඩා ලෝලීන්ට හඳුනා ගැනීමට ලැබුණා.
ඒ පෙරේදා (10) පැවැති ලෝක කුසලාන විස්සයි20 තරගාවලියේ මූලික වටයේ තරගයක් ලෙසින් අයර්ලන්තය හා ඕමානය අතර පැවැති තරගයේදීය.
0 comments :
Post a Comment