දිල්හානි පෙරේරා කියන්නේ මේ දවස්වල ජනප්‍රිය නවක තරුවක්. ඇය චිත්‍රපට වගේ ම ටෙලිනාට්‍ය කිහිපයක් ඔස්සේ ම අපේ නෙතු මානයට පැමිණෙනවා.
‘මගෝ ඩිගෝඩයි’ චිත්‍රපටයේ වගේ ම ‘හිද්දලයා’ ටෙලිනාට්‍යයේත් දිල්හානි අපූරු චරිතයක් නිරූපණය කරනවා. කොහොම නමුත් දිල්හානි ඉදිරියේ තිරගත වීමට නියමිත නවතම චිත්‍රපටයකට රංගනයෙන් දායක වුණා. ඒ හර්ෂ උඩකන්ද ගේ නවතම චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ රිහසල් අතරතුර දිල්හානි මුහුණදුන් අපූරු සිදුවීමක් අපිටත් දැන ගන්නට ලැබුණා. මේ සිදුවීම තවමත් දිල්හානි මතක් කරන්නේ දුකෙන්.
“මම මේ චිත්‍රපටයේ රඟපාන්නේ පිස්සු වැටුණු තරුණියක ගේ චරිතයක්. හිටපු ගමන් ඇයට පිස්සු වැහෙනවා. එහි එක් දර්ශනයක් තිබුණා බුලත් හෙප්පුවක් අතට අරගෙන එය වේගයෙන් පොළොවේ තියන. මේ දර්ශනය ගන්න රිහසල් පුහුණුවීම් කළේ මගේ ම ගෙදරයි. අධ්‍යක්ෂවරයාත් නිෂ්පාදන කණ්ඩායමත් රූගත කිරීම් අරඹන්න පෙර පුහුණුව පටන්ගත්තා. බුලත් හෙප්පුවක් තිබුණෙ නැති නිසා මගේ පියා පිටරට සිට එවපු ලස්සන වීදුරු මල් බඳුනක් තිබුණා. එය තමයි මම බුලත් හෙප්පුව වගේ අතට ගත්තේ. ඔන්න පුහුණුවීම් පටන් ගත්තා. එය මම එකපාරට ම වේගෙන් පොළව උඩ තිබ්බා. සිළිසිළි හඬ නංවමින් වීදුරු මල් බඳුනේ අඩිය බිඳී ගියා. ඇත්තට ම මට අමතක වුණා ඒක වීදුරු කියලා. මට හිතුණේ හෙප්පුවක් කියලයි. කොහොම හරි වෙච්ච අත්වැරැද්ද අම්මට අහුවෙන්නෙ නැතිවෙන්න පැත්තකට දැමුවා. ඒත් අම්මට හොරෙන් කිසි දෙයක් කරන්න බැහැනේ. අම්මා දැක්කා. පොඩ්ඩක් බැන්නා. මට තවමත් මතක් වෙනකොට දුකයි.”
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)
0 comments :
Post a Comment