නිරූපණයට කැමැත්තක් තිබුණත් කරන්න බෑ


නිරන්තරයෙන් වෙළෙඳ දැන්වීම් සහ ගීත රූප රචනා තුළින් දකින්නට නොලැබුණත්, නිවේදනය තුළින් රසිකයන් අතරට පැමිණෙන ඇය අමාදි උපේක්ෂාය. ඇයගේ වෘත්තීමය පැතිකඩ සහ අනෙකුත් තොරතුරු පිළිබඳව ඇය මෙසේ පැවසුවාය.

"මම රූපවාහිනි නිවේදිකාවක් වශයෙන් දැනට අවුරුදු 03ක් තිස්සෙ වැඩ කරනවා. මේ දවස්වල ජාතික රූපවාහිනි නාළිකාවේ හැමදාම දහවල් 1.00ට විකාශනය වන "හිරු උයන" සංගීතමය වැඩසටහන ඉදිරිපත් කරනවා. මුලින්ම කරනු ලැබුවේ රූපවාහිනි නාළිකාවේ පුවත් ඉදිරිපත් කිරීමයි. ඊටපස්සෙ, සංගීත ඒකකයට දැම්මා. එහිදී "සිත් ගත් ගී", "ත්‍රී තාල්" සහ "හිරු උයන" ඉදිරිපත් කරනු ලැබුවා. මේ වෙනකන්ම වැඩි වශයෙන්ම සංගීත වැඩසටහන් තමයි ඉදිරිපත් කරනු ලැබුවේ. රූපවාහිනි නාළිකාව සඳහා එන්න කලින් මම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 'විදුල ළමා' ගුවන් විදුලියේ  අවුරුදු 05ක පමණ කාලයක් 'දැයට පිපෙන මල්', 'විදුල ස්වර දැහැන' කියන සංගීත වැඩසටහන්වල 'ළමා නිවේදිකාවක' විදිහට වැඩ කළා."

"තවම මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳව උපාධිය හදාරනවා. නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳව ආසාවක් තියෙනවා. ලොකුවට නිරූපණ ක්ෂේත්‍රයේ නියැළිලා නැහැ. නමුත් මංගල ප්‍රදර්ශනවල විලාසිතා දැක්මවල් සඳහා නිරූපණයෙන් දායක වෙලා තිබෙනවා. ඊට අමතරව විවිධ පුවත්පත්වලට, සඟරාවල මුල්කවර සඳහා සහ ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප ගැනීම සඳහා මට කතාකරලා තියෙනවා. ඒ දේවල් සඳහා දායක වෙලා තියෙනවා. නමුත් නිරූපණයට සම්පූර්ණ වශයෙන් දායක වෙනවා කියන්න බැහැ." 


(සරසවිය පුවත්පත ඇසුරෙනි)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment