තව අවුරුදු 10කින් මුහුද මීටරයක් ඉහළට...!

ඉදිරි වසර 10 ක කාලය ඇතුළත මුහුදු මට්ටම මීටරයකින් පමණ ඉහළ යනු ඇතැයි ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සෙනෙවි එපිටවත්ත මහතා පවසනවා.

ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ සිය මතයට විරුද්ධව ඇතැම් මහාචාර්යවරුන් සහ විද්‍යාඥයින් බොහෝ මත ඉදිරිපත් කරනු ඇති බවත් එහෙත් දැනටමත් මුහුදු මට්ටම වෙනස්වීමේ ලකුණු පහළ වී ඇති බවට හඳුනාගත හැකි බවයි. ගෙවී ගිය වසර කිහිපය තුළ සිදුව ඇති පරිසර වෙනස්කම් මත මේ වන විට උෂ්ණත්වයේ, වර්ෂාවේ සහ සුළං හැමීමේ වෙනස්කම් දැකිය හැකි බවත් සඳහන් කළා. 
 

විශේෂයෙන් යාපනයේ කලපුවල ඇති ක්‍රියාකාරීත්වය සහ ඒ ආශ්‍රිත මුහුදු ජලයේ ඇති ලවණතාවයේ තත්ත්වය මත එම ක්‍රියාවලිය හොඳින් නිරීක්ෂණය කළ හැකි බවත් මහාචාර්ය සෙනෙවි එපිටවත්ත මහතා පෙන්වා දෙනවා. මේ නිසා අනාගතයේදී ශ‍්‍රී ලංකා සිතියමෙන් යාපනය කොටස වෙන් වනු ඇතැයිද ඔහු කියා සිටියා. ඒ අනුව යාපනය දූපත් පද්ධතියක් ලෙස වෙන්වෙනු ඇතැයිද හෙතෙම මත පළ කළා.

ශ්‍රී ලංකාවේ භූගෝලීය තත්ත්වය නිරීක්ෂණය කිරීමේදී ඕනෑම ස්ථානයක අංශක 30 ක 35 ක බෑවුමක් ඇති නම් ඒ සෑම ස්ථානයක්ම නායයෑමේ අවධානමක් පවතින බවත් එය වසරකින් දෙකකින් සිදු නොවුනත් ඉදිරි කාලය තුළ එම බෑවුම් පහළට ඇඳී එනු ඇති බවත් ඔහු පැවසුවා.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment