සිවුරු හැර තමාගේ ආරක්ෂාවට එන සංඝරත්නයට මහින්දගෙන් පිළිතුරක් (VIDEO)     

සිවුරු හැර තමාගේ ආරක්ෂාවට එන සංඝරත්නයට මහින්දගෙන් පිළිතුරක් (VIDEO)     

රට තුළ ආපදා අවස්ථාවක් ඇති වී තිබෙන මොහොතක සිදුකළ යුත්තේ විවේචනය කිරීම නොව ඉන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

තංගල්ල - කසාගල රජමහා විහාරස්ථානයේ පෙරේදා(21) පැවති ආගමික උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව පවතින ආපදා තත්ත්වය පිළිබදව මාධ්‍යවේදින් කළ විමසීමකදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව ඉවත් කලොත් සියක් නමක් සිවුරු හරිනවා යැයි සංඝරත්නය පසුගියදා විශේෂ සමුළුවක් පවත්වා කළ ප්‍ර‍කාශය ගැන මාධ්‍යවේදින් කළ විමසීමකදී මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පිලිතුරු දුන්නේය.

“අපේ හාමුදුරුවරු මට ආරක්ෂාව දෙන්න ඉදිරිපත් වීම ගැන සතුටු වෙන අතර ඒ වගේම ජාතිය, රට, ආගම වෙනුවෙන් මේ රටේ බෞද්ධ ජනතාව වෙනුවෙන් හාමුදුරුවරු ඉන්න ඕන. අපි බලාපොරොත්තු වෙනවා පන්සල් දියුණු කරමින් ගමේ ජනතාවට කරන මහඟු සේවය තවදුරටත් ගෙනියන්න කියලා.“

එම වීඩියෝව පහතින් නරඹන්න

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment