උතුරේ තවත් අක්කර 700ක ඉඩම් නිදහස්

උතුරේ තවත් අක්කර 700ක ඉඩම් නිදහස්

යාපනය පලාලි අධි ආරක්‍ෂිත කලාපයේ උතුරු වලිකාමම්හි තවත් ඉඩම් අක්කර 700ක් නිදහස් කිරීමට ආරක්ෂක හමුදාව එකඟතාව පළ කර ඇති බව යාපනය දිස්ත‍්‍රික් ලේකම් එන්. වේදනායගම් මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව කන්කසන්තුරෙයි, කීරිමලෙයි හා මාවිඩ්ඩපුරම් ප‍්‍රදේශවල ඉඩම් මෙලෙස නිදහස් කිරීමට නියමිතය.

යුද්ධයෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩපිළවෙළ සඳහා මෙම ප‍්‍රදේශයෙන් ඉඩම් අක්කර 500 ක් නිදහස් කරන්නැයි මීට පෙර ඉල්ලීමක් කර තිබිණි.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment