බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව ගැන වැඩි අවධානයක්

බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව ගැන වැඩි අවධානයක්

බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා පවසයි.

පසුගියදා බන්ධනාගාර නියාමකවරයෙකු පහරකෑමකට ලක්ව තිබූ අතර එවැනි තත්ත්වයක් ඉදිරියේදී ඇති නොවීමට වග බලාගන්නා බව හෙතෙම සඳහන් කළේය.

මේ සඳහා බන්ධානාගාර නිලධාරීන් සමග එක්ව සාමූහික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ද බන්ධනාගාර කොමසාරිස්වරයා පෙන්වා දී ඇත.

බන්ධනාගාර තුළ එම නිලධාරීන්ට අවශ්‍ය උපරිම ආරක්ෂාව පවතින බවත් බන්ධනාගාරයෙන් පිටතදී බන්ධනාගාර නිලධාරීන්ට විශාල ගැටළුවලට මුහුණ පෑමට සිදු වන බවත් ඔහු පැවසී ය.

එම තත්ත්වයක් වලක්වා ගැනීමට ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව ද ඔහු සඳහන් කළේය.

පොලිසීයට හෝ ත්‍රිවිද හමුදාවට බන්ධනාගාර නිලධාරීන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන ලෙස ප්‍රකාශ කළ නොහැකි වුවද ඔවුන් සමග එක්ව ඉදිරි ආරක්ෂක සැලසුම් සම්බන්ධයෙන් කටයුතු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසී ය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget