අධ්‍යක්‍ෂ ජනරාල්වරියට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්   

අධ්‍යක්‍ෂ ජනරාල්වරියට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්   

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට එරෙහිව අල්ලස් කොමිසම වෙත ඊයේ (28) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 

තීරුබදු සහන යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ගෙන්වීම සහ ඔවුන් ඒවා වෙනත් පුද්ගලයින්ට විකිණීම හරහා රජයේ බදු මුදල් වංචා කරන බවට කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීම ඇය පැහැර හැර ඇති බව නීතීඥවරයෙකු විසින් එම කොමිසමේ සභාපතිවරයා වෙත සිදුකර ඇති පැමිණිල්ලේ සඳහන් කර ඇත. 

එමඟින් අධ්‍යක්‍ෂ ජනරාල්වරිය දුෂණයේ වරද සිදුකර ඇති බව පැමිණිල්ල සිදුකළ නීතීඥවරයා ප්‍රකාශ කර තිබේ. 

ඒ අනුව පැමිණිල්ල විභාග කර අවසන් කරන තුරු අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයේ කටයුතු කිරීම වළක්වන ලෙසද ඔහු එම කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා ඇත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment