'රාජපක්ෂ පාලන සමයේ මෙහෙම වූනේ නෑ' (VIDEO)

'රාජපක්ෂ පාලන සමයේ මෙහෙම වූනේ නෑ' (VIDEO)

වර්තමානයේ උතුරේ සිදුවන සිදුවීම් මහින්ද රාජපක්ෂ රජය සමයේ කිසිසේත්ම සිදුනොවූ බව ඒකාබද්ධ විපක්ෂය කියාසිටී

ඊයේ (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයින් මෙම අදහස් පළකළේය.

එහිදී හිටපු විදේශ අමාත්‍ය ජී. එල් පීරිස් මහතා ප්‍රකාශ කළේ අද උතුරේ නායකයින් පන්සල් ඉවත් කරන ලෙසත් කඳවුරු ඉවත් කරන ලෙසත් කරන ඉල්ලීම් කිසිලෙසකත් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළදී සිදුනොවූ බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා එහිදී කියාසිටියේ මේ වනවිට උතුරු පළාත් මහ ඇමතිවරයා වන විග්නේෂ්වරන් මහතාත් දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධන් මහතාත් සුමන්තිරන් මහතාත් කොටි සංවිධානයට පක්ෂපාතී දෙමළ ජාතික සන්ධානයක සිටින බවයි.

වැඩිදුරටත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ වර්තමාන ආණ්ඩුව දෙමළ අන්තවාදයේ උදව්වෙන් බලයට පැමිණ එම අන්තවාදයට රිසි සේ වැඩෙන්නට ඉඩ දී ඇති බවයි.

වීඩියෝව පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment