කුඩු කිලෝ 2ක් සමග ඉන්දීය ජාතිකයන් තිදෙනකු ඉන්දියාවේ සිට බෝට්ටුවෙන් මන්නාරමට…..මෙන්න ඇත්ත

සිලාවතුරෙන් ගොඩබිමට ආ ත්‍රස්තවාදීන්ගේ ගිනී අවි! යනුවෙන් අප කල අනාවරණයෙන් පැය 24 ගෙවිමටත් මත්තේන් රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක්‌ සමග ඉන්දීය ජාතිකයන් තිදෙනකු මන්නාරම අරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී ඊයෙ 27 වැනිදා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

mannerකුඩා ධීවර යාත්‍රාවකින් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ හෙරොයින් කිලෝ දෙකක්‌ මන්නාරම අරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී මෙසේ නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර කාලයක්‌ තිස්‌සේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් බුද්ධි අංශයට තොරතුරු අනාවරණය වීමෙන් පසු නාවික හමුදාව ඊයේ අලුයම එම මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොවුන් එම හෙරොයින් තොගය සමග අත්අඩංගුවට ගෙන තිබේ.

එසේම පසුගිය 18 වැනිදා රාත්‍රී කාලයේදී අරිප්පු ගම්වාසීන් විශාල පිරිසක්‌ එක්‌ව සොරකමේ ගියා යෑයි පවසමින් නාවික හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් දෙදෙනකු ඇතුළු තිදෙනකුට පහරදීම, සිලාවතුර නාවික හමුදා නිරීක්‍ෂණ ඒකක දෙකකට පහරදීම සහ හෙරොයින් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම අතර සම්බන්ධයක්‌ තිබේදැයි සොයා බැලීමට නාවික හමුදාව පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත.

පසුගියදා , සිලාවතුර නාවික හමුදා කඳවුරේ සෙබළුන් පිරිසකට හදුනානොගත් කණ්ඩායමක් පහරදිම සහ එක් නාවික හමුදා සෙබලෙකු පැහැරගෙන ගොස් පැය ගණනාවක් රදවාගෙන තබා ගැනිම ඇතුලු සමස්ථ සිද්ධිය සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ ආරක්ෂක මණ්ඩලයට කරන ලද අනාවරණය හේතුවෙන් ආරක්ෂක ප්‍රධානින් තීගෑස්මකට ලක්ව සිටින බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.සිලාවතුර මුහුදු තීරයෙන් අරිප්පු ප්‍රදේශයට කේරල ගංජා රැගෙන එන බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව නාවික හමුදා බුද්ධි නිලධාරීන් කිහිපදෙනෙකු අරිප්පු ප්‍රදේශයට ගොස් රැකවල් යොදා සිටි අවස්ථාවේදී මෙම පහරදිම සිදු වුනා.

කේරල ගංජා සහ තවත් මත්ද්‍රව්‍ය රැසක් බෝට්ටු මගින් රැගෙන එමින් සිටියදි මන්නාරම, සිලාවතුර නාවික හමුදා කඳවුරේ සෙබළුන් පිරිසක විසින් ඔහු අල්ලා ගැනිමට කටයුතු කිරිමත් සමග පසුගිය (18) රාත්‍රියේ සිලාවතුර අරිප්පු ගම්වාසීන් පිරිසක් නාවික හමුදා සෙබළුන් පිරිසකට පහරදීමට කටයුතු කල බවට වාර්තා පලවුවද අදාළ බොට්ටු හරහා රැගෙන විත් ඇත්තේ කේරල ගංජා හෝ වෙනත් මත්ද්‍රව්‍ය පමණක් නොව T56 වර්ගයේ ගිනී අවි ඇතුලු ආයුධ රැසක් බව හමුදා බුද්ධි අංශ වාර්තා මගින් තහවුරු කර ඇති අතර අදාළ ආයුධ තොගය හසුවිම වලක්වා ගැනිම සදහා බෝට්ටු රැගෙන ආ කණ්ඩායම ගම්වාසීන් කුලප්පු කර ඇති බවයි අනාවරණය වි ඇත්තේ.
නාවික හමුදා සේබළුන් තිදෙනාට එල්ල වු අනපේක්ෂිත ප්‍රහාරයත් ගම්වාසීන් කුලප්පු කරමින් සිද්ධිය වෙනතකට යොමුකර ඇති අතර පසුව පොලිසිය කල සෝදිසි මෙහෙයුමකදි ගොඩබිමට පැමිණි බොට්ටු කිසිවක් එම ස්ථානයේ තිබි නැති බවද තහවුරු වි තිබේ.

අදාළ වාර්තාව හරහා හමුදා බුද්ධි අංශ පෙන්වා දි ඇත්තේ ඉන්දීයානු මුහුදු සීමාවේ නතරකර ඇති නෞකාවවක සිට අදාළ ආයුධ මෙන්ම විවිධ මත්ද්‍රව්‍ය මන්නාරම මුහුදු සීමාව හරහා රටතුලට රැගෙන එන බවයි.අදාළ අවි නෞකාව සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදි හමුදා බුද්ධි අංශ මගින් ආරක්ෂක මණ්ඩලයට වාර්තා සපයා ඇතී නමුත් එය කිසිදු ගණනකට ගෙන නැති බවයි අප ආරක්ෂක වාර්තාකරු සදහන් කළේ.

සිලාවතුරෙන් ගොඩබිමට ආ ත්‍රස්තවාදීන්ගේ ගිනී අවි!

පර දෙමළාගේ ප්‍රහාරයට ලක්වු නාවික සෙබළුන්ට වරද පිලි ගන්නයි ආරක්ෂක ප්‍රධානින්ගෙන් බලපෑම්

 



උපුටා ගැනීම : Lanka News Web Today
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment