වතුකම්කරුවන් 8වන දිනටත් උද්ඝෝෂණයේ (PHOTOS)

වතුකම්කරුවන් 8වන දිනටත් උද්ඝෝෂණයේ (PHOTOS)

තම දෛනික වැටුප රුපියල් 1,000ක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලා 08 වන දිනටත් වතු කම්කරුවන් අද (04) උද්ඝෝෂණයේ නිරත වේ.

ඔවුන් කියාසිටින්නේ වතු හාම්පුතුන්ගේ සංගමය යෝජනා කර ඇති නව වැටුප් වැඩිවීමට තමන් එකග නොවන බවයි.

ඊයේ (03) වතු හාම්පුතුන්ගේ සංගමය තීරණය කළේ වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 730 දක්වා වැඩි කිරිමටයි.

ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමයේ නුවරඑළිය දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ ලේකම් පෙරියසාමි ප‍්‍රදිපන් මහතා පැවසුවේ මේ පිළිබඳව තවමත් සාකච්ඡා පවත්වමින් සිටින බවයි.

කෙසේවෙතත් වතු හාම්පුතුන්ගේ සංගමයේ ඉල්ලීමට විරෝධය පළ කරමින් මේ වනවිටත් වතු කම්කරුවන් උද්ඝෝෂණයේ නිරත වෙයි.

එක් උද්ඝෝෂණයක් අද (04) උදෑසන ආරම්භ වූයේ නල්ලතන්නිය – මස්කෙළිය ප‍්‍රධාන මාර්ගයේ මුල්ගම මංසන්ධියෙනි.

මීට අමතරව හාලිඇල ප‍්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් බදුල්ල – කොළඹ මාර්ගයේ ගමනා ගමන කටයුතුවලටද බාධා එල්ල වුණි.

වැලිමඩ වතු කිහිපයක ජනතාව බොරගස් මංසන්ධියෙන් බදුල්ල - නුවරඑළිය ප්‍රධාන මාර්ගය හරස් කරමින් විරෝධතාවයේ නියැලුණි.

ඒ හේතුවෙන් බදුල්ල - නුවරඑළිය මාර්ගයේ රථ වාහන ධාවනය පැයකට අධික කාලයක් ඇණ හිට තිබුණි.

වැලිමඩ පොලිසිය මැදිහත් වී අවරහිරව තිබූ ප්‍රධාන මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කළේය.

ඡායාරූප පහතින්.

වැලිමඩ - ප්‍රේමලාල් රත්නායක

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment