සාක් සංවිධානයට එහි සියලූම සාමාජිකයින්ට පිළිගත හැකි ප්‍රතිඵල ලබාදීමට නොහැකි වේ නම් ශ්‍රී ලංකාවට වෙනත් විකල්පයක් වෙත යොමුුවීමට සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
නිල සංචාරයක් සඳහා නවසීලන්තයට ගොස් සිටින අග්‍රාමාත්‍යවරයා ඊයේ (03) මෙම අදහස් දක්වා සිටියේ 'ශ්‍රී ලංකාව සහ ලෝකයේ ඊට හිමි තැන' මැයෙන් පැවති දේශනයකදී අදහස් දක්වමිනි.
කෙසේවෙතත් සාක් සමුළුව ඔස්සේ වැදගත් කාර්යභාරයක් ඉටුකළ හැකි බැවින් සාක් රාජ්‍ය නායක සමුළුව පැවැත්වීම අතිශය වැදගත් බවත් මතුව ඇති තත්ත්වයන්ට සරිලන අයුරින් සියලුම සාමාජික රටවලට එකඟවිය හැකි පදනමක් මත සමුළුව ඉදිරියට ගෙන යා යුතු බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වාදෙනු ලැබුවේය.
ආසියා - නවසීලන්ත පදනම විසින් සංවිධානය කර තිබූ එම දේශනයට සවන් දීම සදහා පොදුරාජ්‍ය මණ්ඩල පදනමේ සභාපති නවසීලන්තයේ හිටපු අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් ආනන්ද් සත්‍යානන්ද් මහතා ඇතුළු එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විද්වතුන් පිරිසක් එක්ව සිටියේය.
මේ අතර, නවසීලන්ත සංචාරය නිමවා අග්‍රාමාත්‍යවරයා අද (04) තුන් දින චාරිකාවක් සඳහා ඉන්දියාවට පැමිණීමට නියමිතය.
ඒ මහතා හෙට (05) දිනයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි මහතා ද මුණ ගැසීමට නියමිතය.
0 comments :
Post a Comment