ගුවන් පාලකවරුන්ගේ අකුරට වැඩ අවසන්

ගුවන් පාලකවරුන්ගේ අකුරට වැඩ අවසන්

පාලනාධිකාරියේ කටයුතුවලට විරෝධය පළ කරමින් සහ වැටුප් විෂමතාවයක් මුල් කරගනිමින් ගුවන් ගමන් පාලකවරුන් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබේ.

ඒ, ඊයේ (06) පස්වරුවේ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග පැවති සාකච්ඡාවකින් පසුවයි.

ප්‍රධාන ඉල්ලීම් 04ක් සහ මූලික ඉල්ලීම් 08 ක් මුල් කර ගනිමින් ගුවන් ගමන් පාලකවරුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබුණි.

ඒ හේතුවෙන් ඊයේ (06) අලූයම් කාලයේ දී ගුවන් ගමන් රැසක් ද ප්‍රමාද වී තිබේ.

ගැටළුව සම්බන්ධයෙන් පෙරේදා පස්වරුවේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර සාකච්ඡාවක් පැවැත්වුණි.

එහිදී ඇතිකර ගත් එකඟතා අනුව වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හැර දැමුන ද එම එකඟතා ක්‍රියාත්මක නොවීම නිසා ගුවන් ගමන් පාලකවරු යළි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය.

කෙසේ හෝ ඊයේ පස්වරුවේ ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ යළි පැවැත්වූ සාකච්ඡා සාර්ථක වීම නිසා ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවා ඇත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment