මේ වනවිට ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය ආරම්භ කර ඇති අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති කි්රයාමාර්ගය හේතුවෙන් ගුවන් ගමන්වලට බාධා එල්ල වී ඇතැයි වාර්තා වේ.
ඔවුන් මෙම වෘත්තීය සමිති කි්රයාමාර්ගය ආරම්භ කළේ ඊයේ (03) පස්වරුවේ සිටයි.
මේ හේතුවෙන් ගුවන් යානා ගොඩ බැස්වීම් හා පිටත්වීම් විනාඩි 30 සිට පැය දෙක හමාරක කාලපරාසයක් දක්වා ප්රමාද වී ඇති බව ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික තරංග ජයසූරිය මහතා පැවසුවේය.
ගුවන් යානා ගොඩබැස්වීමේ හා පිටත්වීමේදී දැනට පවතින ප්රමාදය අද (04) උදෑසන සිට තවදුරටත් වැඩි විය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.
මෙතෙක් නොවිසිදුනු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති කි්රයාමාර්ගය ආරම්භ කළේය.
0 comments :
Post a Comment