දේශපාලන නායකයින් තම තමන්ගේ ප්‍රදේශ පමණක් සංවර්ධනය කර ගැනීමේ න්‍යාය පත්‍රය වෙනුවට රටම එක ලෙස සංවර්ධනය කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා දිඹුලාගල ප්‍රදේශයේ පැවති උත්සවයටකට සහභාගීවෙමිනි.
එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියාසිටියේ හිටපු නායකයින් වැඩ ආරම්භ කළ ව්‍යාපෘතිවල සමරු ඵලක ගලවා තම නම ඇතුළත් කර ඒවා නැවත විවෘත කිරීම තම ප්‍රතිපත්තිය නොවන බවයි.
වත්මන් ආණ්ඩුව අළුත් දෙයක් නොකරන බවට හිටපු නායකයින් මාධ්‍ය ඔස්සේ පළ කරන අදහස්වලට තමන් මෙතෙක් කල් පිළිතුරු නොදී සිටි බව අවධාරණය කළ මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ ඔවුන් නැවත නැවත එම චෝදනාව වත්මන් රජයට එල්ල කිරීම හේතුවෙන් ඊට පිලිතුරු ලබාදීමට තමා තීරණය කළ බවයි.
පසුගිය රජය විසින් වැඩ ආරම්භ කර අතර මග නැවතුනු ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන් කර ඒවා ඉදිරියට ක්‍රියාත්මත කිරීම රජයක වගකීම බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන් අතර දිවයිනේ සෑම පළාතකම සමබර සංවර්ධනයක් ඇති කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට වත්මන් රජය කටයුතු කර ඇති බවද පැවසීය.
0 comments :
Post a Comment